InternalAudit banner


අරමුණ

2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 38 වන වගන්තියේ දක්වා ඇති පරිදි ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම් ඉටුවන බවට සහතික කිරීම සඳහා එම පනතේ 40 වන වගන්තිය ප්‍රකාරව සිදුකර ඇති පත් කිරීම් හා මු.රේ. 133 ප්‍රකාරව, අභ්‍යන්තර විගණන අංශයට පැවරී ඇති බලතල හා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ හා මාර්ගෝපදේශයන්ට අනුකූලව, අභ්‍යන්තර විගණන කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට අදාලව සිදු කිරීම.

අංශයේ කාර්යන් :-

  •  
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඒ යටතේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22 ට අදාළ ව වාර්ෂිකව සකස් කරනු ලබන අභ්‍යන්තර විගණන සැලැස්ම ප්‍රකාරව විගණන පරීක්ෂාවන් සිදුකර වාර්තා දිස්ත්‍රික් ලේකම් වෙත ඉදිරිපත් කිරීම.
  •  
දිස්ත්‍රික් විගණන කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම.
  •  
ප්‍රාදේශීය විගණන කළමනාකරණ කමිටු සඳහා සහභාගී වීම.
  •  
ප්‍රාදේශීය විගණන කළමනාකරණ කමිටු සඳහා සහභාගී වීම.
  •  
වැරදි හා වංචා වැළැක්වීම සඳහා ආයතනය තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රමය සැලැස්ම අතින් මෙන්ම තත්‍ය ක්‍රියාකාරීත්වය අතින් සාර්ථකදැයි සොයා බැලීම.
  •  
ගිණුම් සහ වෙනත් වාර්තාවල විශ්වාසනීයභාවය නිශ්චය කිරීම සහ යොදා ගෙන ඇති ගිණුම්කරණ පිළිවෙත් මඟින් නිවැරදි මූල්‍ය ප්‍රකාශයන් පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයෙන්නේදැයි සොයා බැලීම.
  •  
ආයතනය සතු වත්කම් සියළුම ආකාරයේ අලාභහානිවලින් කොතරම් දුරට ආරක්ෂා කර ඇත්දැයි සොයා බැලීම.
  •  
රජයේ ආයතන සංග්‍රහය, රජයේ මුදල් රෙගුලාසි සහ රාජ්‍ය පරිපාලන විෂයභාර අමාත්‍යංශය විසින් සහ භාණ්ඩාගාරය විසින් වරින් වර නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛ හා වෙනත් පරීපූරක උපදෙස්ද, පිළිපදිනු ලැබේදැයි සොයා බැලීම.
  •  

නාස්තිය, නිෂ්කාර්ය ධාරිතාව සහ පමණ ඉක්මවා කෙරෙන වියදම් වැළැක්වීමට මෙන්ම, ඒවා අනාවරණය කර ගැනීමට යොදාගනු ලබන අභ්‍යන්තර පාලන ක්‍රමයෙහි ප්‍රමාණාත්මකභාවය සොයා බැලීම.

  •  

ආයතනයේ මෙහෙයුම් කාර්යයන් පරීක්ෂා කිරීම සහ ඒ පිළිබඳ වාර්තා කිරීම.

  •  

වැඩ යෝජනා ක්‍රම හා ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඒ පිළිබඳ වැඩසටහන් සහ කාලසටහන් කොතෙක් දුරට ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම කෙරෙහි යොමුවී ඇත්දැයි ඇගයීමක් කිරීම සහ භාවිතා කරනු ලබන පාලනයන් ඇගයීම හා සමාලෝචනය කිරීම.

  •  

ඉහත පරීක්ෂාවන් යටතේ අභ්‍යන්තර විගණන වාර්තා සකස් කිරීම සහ එහි පිටපත් ජාතික විගණන කාර්යාලය, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කිරීම.

අවසන් යාවත්කාලීනය : 2026-09-17


අප අමතන්න

දුරකථන             : 091 2224453

ෆැක්ස්                 : 091 4944819

විද්‍යුත් තැපෑල     : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ආයතන/ අංශ ප්‍රධානි

Internal Auditor

 එන්. ජී. අයි විජේරත්න මිය

ප්‍රධාන අභ්‍යන්තර විගණක

0718 496 178

 

disaster banner

 

vision Vision


To assist in achieving sustainable development through the establishment of a safe community in the district

vision Mission


Building a culture of safety among the community by systematically managing natural, technological and man-made disaster risks


 

Functions of the District Disaster Management Unit

bullet yellow  Creation of National Disaster Management Plan and National Emergency Operations Plan based on National Policy
bullet yellow  Hazard mapping and risk assessment
bullet yellow  Coordinate and conduct training and awareness programs
bullet yellow  Implementation of preparedness activities to respond to disasters, including assisting government agencies in developing preparedness plans
bullet yellow  Producing and disseminating early warnings
bullet yellow  Managing emergency operations and coordinating search and rescue operations
bullet yellow  Coordination of post-disaster activities including relief distribution
bullet yellow  Disaster reduction
bullet yellow  Research and development activities
bullet yellow  Integrating disaster risk reduction into the development process
bullet yellow  Coordinate climate change adaptation programs
bullet yellow  Liaising with Ministries, Departments, Armed Forces and Police, Private Sector Institutions, Local Non-Governmental Organizations, International Non-Governmental Organizations and other relevant agencies on disaster risk reduction activities
bullet yellow  Obtaining foreign assistance, coordinating and implementing projects for disaster mitigation, response and post-disaster recovery

 

 Related Web Sites

Disaster Management Centre

Last Updated Date : 23-06-2025


Contact Us

Telephone  : 0912 227 315, 0912 117 117

Fax             : 0912 227 315

Email          : This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

Head of the department/ section

Liyanagama

 

Mr. J. N. P. Liyanagama

District Assistant Director

0773 957 873



weeratunga

 

Mr. N. K. Weerathunga

District Deputy Assistant Director

0769 127 469

 

 

planning banner

 

 

සේවා අංශයෙන් කෙරෙන කාර්යභාරයන්

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාපිත සේවා අංශය සුවිශේෂී සේවාවන් රැසක් ඉටුකරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ක්‍රියාදාමයට මහඟු කාර්යයභාරයක් සපයනු ලැබේ.

bullet yellow  කාර්ය මණ්ඩල ධාරිතා ප්‍රවර්ධන හා මානව සම්පත් සංවර්ධනය.
bullet yellow විවිධ ආඥා පනත් හා පනත් මඟින් දිසාපතිවරයාට පැවරී ඇති විශේෂිත රාජකාරි ඉටු කිරීම.
(ගිනි අවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත)
bullet yellow රජයේ පොදු හා උපලේඛණගත නිවාස කළමනාකරණය.
bullet yellow රේඛීය අමාත්‍යාංශ /දෙපාර්තමේන්තු මඟින් පැවරෙන කාර්යයන් සම්බන්ධීකරණය, අධීක්ෂණය හා ඇගයීම් කටයුතු.
bullet yellow ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අයත් රජයේ වාහන සම්බන්ධ කටයුතු.
bullet yellow ගාල්ල දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය නොවන සංවිධාන හඳුනා ගැනීම හා සම්බන්ධීකරණ කටයුතු.
bullet yellow ගාල්ල දිස්ත්‍රික්කය තුළ අත්‍යාවශ්‍ය සේවා කටයුතු කළමනාකරණය.

  

අවසන් යාවත්කාලීනය : 2024-08-06


අප අමතන්න

දුරකථන         : 0914 944 608

ෆැක්ස්            : 0912 234 972

විද්‍යුත් තැපෑල   : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ආයතන/ අංශ ප්‍රධානි

Assistant Dist Sec.jpg

 

ටී. බී. නලින්ද උදය කුමාර මහතා

සහකාර දිස්ත්‍රික් ලේකම්

0713 385 538

0914 944 805 

eng banner

 

ඉඩම් හා සංවර්ධන අංශය සහ පරිසර ඒකකය මගින් කරනු ලබන කාර්යයන්:-

 bullet yellow ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අදාළ ඉඩම් සම්බන්ධ මහජන පැමිණිලි පිළිබඳව කටයුතු කිරීම.
 bullet yellow ගස් තුනට වඩා දැව හෙළීම සඳහා අනුමැතිය ලබා දීම.
bullet yellow  සුනාමි නිවාස හා ආපදාවන්ට ලක්වූවන් නැවත පදිංචි කිරීමේ සම්බන්ධීකරණ කටයුතු.
bullet yellow  ශ්‍රවණාගාරය ඉදිකිරීම හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු සම්බන්ධීකරණය.
bullet yellow  පරිසර ගැටළු විසඳීමට කටයුතු කිරීම.
bullet yellow  සංවර්ධන කාර්යයන් සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය.
bullet yellow

විදුලිය සම්බන්ධ ගැටළු විසඳීම.

bullet yellow දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව, පරිසර කමිටුව, ඉඩම් පරිහරණ කමිටුව, දිස්ත්‍රික් ආපදා කමිටුව, පොහොර කමිටුව, නිවාස කමිටුව ආහාර සුරක්ෂිතතා කමිටුව පැවැත්වීම.
bullet yellow ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ රජයේ ඉඩම් වගා කිරීමේ කටයුතු සම්බන්ධීකරණය.
bullet yellow නිල සෙවන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
bullet yellow අධි අවධානම් පවුල් නගා සිටුවීම සම්බන්ධීකරණය සහ පසු විපරම් සිදු කිරීම.

 

අවසන් යාවත්කාලීනය : 2026-03-23

 අප අමතන්න

දුරකථන                  : 0914 944 814

ෆැක්ස්                     : 0912 230 942

විද්‍යුත් තැපෑල           : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ආයතන / අංශ ප්‍රධානි

lakshmi1

 

ජී. ජී. ලක්ෂ්මි කාන්ති මෙනවිය

අතිරේක දිස්ත්‍රික් ලේකම්

(ඉඩම් හා සංවර්ධන)

0715 887 134

 

 

acc banner

 

vision දැක්ම


තිරසාර සංවර්ධනය සඳහා ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර සංවර්ධනය.

vision මෙහෙවර


ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය සඳහා උපරිම දායකත්වය ලබා දීම සඳහා,

ව්‍යවසායක ක්ෂේත්‍රය වෙත ප්‍රවේශ වීමට රැකියා විරහිත තරුණයින් දිරිගැන්වීම, තරුණ ප්‍රජාව තුළ ව්‍යවසායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීම, ව්‍යාපාර කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ  ව්‍යාපාර සංවර්ධනය සඳහා අනුග්‍රාහක සේවා සැපයීම


අරමුණු

bullet yellow  තරුණ ව්‍යවසායක හැකියාවන් වර්ධනය කිරීම තුළින් "දේශීය ව්‍යවසායකත්ව සංස්කෘතිය" නිර්මාණය කිරීම
bullet yellow  නව රැකියා අවස්ථාවන් හදුනා ගැනීම සහ ව්‍යවසායන් ආරම්භ කිරීමට මග පෙන්වීම තුළින් තරුණ තරුණියන්ගේ ජීවන තත්වයන් ඉහල නැංවීම
bullet yellow තරුණ ව්‍යවසායන්හි කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය වැඩිදියුණු කිරීම තුළින් තරුණ තරුණියන්ට වැඩි රැකියා අවස්ථා ලබා දීම සහ ආදායම් වර්ධනය කිරීම.
bullet yellow ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරවල ඵලදායීතාව සහ පැවැත්ම සහතික කිරීම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබා දීම

 

අංශයෙන් කෙරෙන කාර්යයන්

රටේ ආර්ථික සංවර්ධනය සඳහා විභවතාවන් පවතින ක්ෂේත්‍රයන්හි නව ව්‍යවසායකයින් ඇති කිරීම සඳහාත්, දැනටමත් පවතින කුඩා ව්‍යාපාර වර්ධනය කිරීමට වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමත් ව්‍යවසායකයන්ට අවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීමත් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සිදුවේ.

විශේෂයෙන්ම විරැකියාවෙන් පෙ‍‍ළෙන තරුණ තරුණියන් ඉලක්ක කර ගත් සේවාවන් හා පහසුකම් මෙන්ම නව ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පවත්නා ව්‍යාපාර වැඩිදියුණු කිරීමට බලාපොරොත්තුවන ව්‍යවසායකයන් සඳහා සේවා සපයනු ලැබේ.

ආයතනයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ විභවතාවයන් සහිත ක්ෂේත්‍රයන් තුළ නව ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය වීමත්, දැනටමත් පවතින ව්‍යාපාර දියුණු කිරීමත්ය. ඒ සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් පවත්වනු ලබන අතර, ඒ තුළින් තරුණ තරුණියන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වැඩිදියණු කරමින් ව්‍යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි.

 

සපයනු ලබන පහසුකම් හා සේවා

  • ධාරිතා සංවර්ධනය සහ පුහුණුව
  • අලෙවි පහසුකම්
  • මුල්‍ය පහසුකම්
  • ව්‍යාපාර උපදේශනය
  • තාක්ෂණ හා නිෂ්පාදන සංවර්ධනය
  • පර්යේෂණ හා සංවර්ධන
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සුදුසු පරිසරයක් ඇති කිරීම
  • CYBER SED - Online Entreprenuer Training and Learning Platform

 

අංශයෙන් කෙරෙන කාර්යයන් සඳහා අවශ්‍ය වන පෝරම

ව්‍යවසායකයන් ලියාපදිංච් කිරීමේ ආකෘතිපත්‍ර (LS) sin btn en btn
ව්‍යවසායකයන් ලියාපදිංච් කිරීමේ ආකෘතිපත්‍ර (HB) sin btn en btn
SED Form - Business Progress Evaluation Form (1st Step)   en btn
SED Form - Business Progress Evaluation Form   en btn
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් අරඹමු - ශ්‍රී ලංකා මහා බැංකුව sin btn  

 

අංශයට සම්බන්ධ වෙනත් වෙබ් අඩවි

Small Enterprises Development Division web

CYBER SED - Online Entreprenuer Training and Learning Platform

Online Entrepreneur registration

අවසන් යාවත්කාලීනය : 2025-12-07


අප අමතන්න

දුරකථන          : 0912 242 308

ෆැක්ස්             : 0912 242 308

විද්‍යුත් තැපෑල   : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Facebook        :  SEDGalle

ආයතන/ අංශ ප්‍රධානි

mr.pemasiri

 

ජී. පී. පේමසිරි මහතා

සහකාර අධ්‍යක්ෂ

 071 42 75 203