planning banner

 

vision දැක්ම


වසර 2030 වන විට දුගී බවෙන් තොර, සවිබලගැන්වූ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් බිහි කිරීමට කටයුතු කරන පුරෝගාමී ආයතනයේ ගාල්ල දිස්ත්‍රික්කය කොටස්කරුවකු බවට පත්වීම

mission මෙහෙවර


ආන්තීකරණයට පත් ජනතාව (ආර්ථිකමය, සමාජයීය, දේශපාලනික, භෞතික,මානසික,නෛතික,හා පාරිසරික) සවිබල ගැන්වීම හා ප්‍රාදේශීය විෂමතාවය අවම කිරීම සඳහා කාර්යක්ෂම, සඵලදායී,වේගවත් හා ඵලදායී විසඳුම් ජනහිතකාමී ලෙස ක්‍රියාවට නැංවීම සඳහා, දෙපාර්තමේන්තු, ප්‍රජාමූල සංවිධාන හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ජාලය හා වෘත්තිකයන්, රජය, පෞද්ගලික, ජනතා සහ දේශපාලන අංශවල මනා දායකත්වය හා දේශීය හා ගෝලීය ආයතන වල සහභාගීත්වයෙන්, දුගී බවෙන් තොර, සමෘද්ධිමත් දේශයක් ගොඩ නැංවීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ආර්ථික සංවර්ධයට දායක වීම.


අංශයෙන් කෙරෙන කාර්යයන්

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශය යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන අතර, දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට අනුබද්ධව දිස්ත්‍රික් සමෘද්ධි අංශය ක්‍රියාත්මකය. ඒ අනුව දිස්ත්‍රික්කය පුරා සමෘද්ධි අංශය මඟින් ප්‍රධාන වශයෙන් අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් යැපුම් දීමනාවක් ලබා දෙමින් ඔවුන් සවිබල ගැන්වීම ඉලක්ක කරගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන අතර ඒ සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන හා විවිධ අරමුදල් යොදා ගනු ලබයි.

 

සමෘද්ධි අංශයන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් - 2025

අනු අංකය                 අංශය  අංශය මගින් කරනු ලබන කාර්යයන් 
 01 ආයතන  සමෘද්ධි කලමනාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, සංවර්ධන නිලධාරින්, කලමනාකරණ සේවා, කලමනාකරණ සහකාර නිලධාරි, කාර්යාල කාර්යය සේවයේ නිලධාරින්, රියදුරන් යන සියලුම නිලධාරින්ගේ ආයතන කටයුතු හා විනය තටයුතු සිදු කිරීම.
 02  විශ්‍රාම වැටුප්      1. විශ්‍රාම යනු ලබන නිලධාරින්ගේ විශ්‍රාම ගොනු සකස්කර ප්‍රධාන කාර්යාලය වෙත ඉදිරිපත් කිරිම.
     2. නිලධාරින්ගේ වැන්දඹු අනත්දරු සාමාජිකත්වය ලබාදීමේ කටයුතු හා නැවත ලියාපදිංචි කිරීම් කටයුතු.
03 වැටුප් ගාල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ සේවය කරනු ලබන සමෘද්ධි අධ්‍යක්ෂ, ගනකාධිකාරී, සමෘද්ධි කලමනාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, සංවර්ධන නිලධාරින්, කලමනාකරණ සහකාර ඇතුලු සියලු නිලධාරින්ගේ මාසික වැටුප් සැකසිම, ණය විෂය කටයුතු සිදුකිරීම.
04 ගිණුම්
  1. දිස්ත්‍රික්කය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන ප්‍රතිපාදන හා අග්‍රිම අවශ්‍යතාව හා චක්‍රෙල්ඛ උපදෙස් අනුව ප්‍රාදේශිය කාර්යාල වෙත හා දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයට නිදහස් කිරීම.
  2. සෘජු මිලදී ගැනීම් හා ප්‍රසම්පාදන කටයුතු මෙහෙයවීම, මාසික ගිණුම් වාර්තා ප්‍රා.ලේ.කා. වෙතින් ලබාගෙන දිස්ත්‍රික්කයේ ඒතාබද්ධ ගිණුම් වාර්තාව සකස්කර ප්‍රධාන කාර්යාලයට මාසිකව යැවීම.
  3. වාර්ෂික ඒතාබද්ධ ගිණුම් වාර්තාව සකස්කර යැවීම, වාර්ෂික අයවැය වාර්තාව සකස්කර යැවීම, සරප් රාජකාරී ඉටු කිරීම. (දෛනික ලැබීම් හා ගෙවීම් රාජකාරී ඉටුකිරීම)
05 බැංකු දිස්ත්‍රික්කයේ බැංකු 69 සහ බැංකු සමිති 22ක ප්‍රගතිය සමාලෝචනය කිරිම, ප්‍රධාන කාර්යාලයට ප්‍රගතිය ලබාදීම, බැංකු හා බැංකු සමිති ණය නිකුත් කිරීම හා කල්පසුවූ ණය, බොල්ණය සම්බන්ධ පසු විපරම් කටයුතු සහ බැංකු සමිති ගනුදෙනු කරුවන් සම්බන්ධ ඇතිවන ගැටලු නිරාකරනය කර ගැනීම සහය දීම සහ බැංකු ලිපි ද්‍රව්‍ය අවශ්‍යතා සපුරා දීමට ප්‍රධාන කාර්යාලය සමග සම්බන්ධීකරන කටයුතු කිරීම.
06

ප්‍රජාමූල සංවිධාන හා ක්‍රිඩා අංශය

දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රජාමූල සංවිධාන හා ප්‍රාදේශීය සංවිධාන වාර්ෂික ලියාපදිංචි කටයුතු , අරුණළු ණය වැඩසටහන අධීක්ෂණය එහි ප්‍රගති වාර්තා පිලිබඳ අධීක්ෂණය, ප්‍රජාමූල සංවිධාන හා ප්‍රාදේශිය සංවිධාන ලිපි ගොණු අධීක්ෂණය, පසු විපරම, පැමිණෙන මහජන ගැටළු විසදුම සදහා අදාල අංශවෙත යොමුව, වර්ෂයේ ඇති ජ්‍යාත්‍යන්තර දිනයන් සැමරුම් වැඩසටහන් සදහා විෂයට අදාල වැඩකටයුතු සංවිධානය කිරීම. දිස්ත්‍රික් ක්‍රීඩා වැංසටහන් ක්‍රියාත්මක කිරීම හා සංවිධානය , ප්‍රධාන කාර්යාලය ලබාදෙනු ලබන විහය සමගාමි ප්‍රජාව දැනුවත් කිරිම. පුහුණු වැඩසටන් පැවැත්වීම.
07 සමාජ සංවර්ධන හා පරිසර වැඩසටහන
  1. සමෘද්ධි නිත්‍ය වැඩසටහන ක්‍රියාත්මක කිරීම.
  2. මත් නිවාරණ, සතුටු පවුල හා ගෘහ කලමනාකරන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
  3. ලමා සමාජ යාවත්කාලීනව පවත්වාගෙන යාම( කැකුලු ළමා සමාජ වැඩසටහන).
  4. සමෘද්ධි පුස්තකාල යාවත්කාලීනව පවත්වාගෙන යාම.
  5. ජ්‍යාත්‍යන්තර සැමරුම් වැඩසටහන් සංවිධානය හා ක්‍රියාත්මක කිරීම.
  6. මනෝ සමාජීය සවිබල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  7. දිස්ත්‍රික් මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණය කිරීම.
08  

අලෙවි සංවර්ධන

       1 .වෘත්තිය මාර්ගෝපදේශක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

       2. වෘත්තිය පුහුණු පාඨමාලා සදහා යොමු කිරීම.

        3. සුව බොජුන්හල් ක්‍රියාත්මක කිරීම හා පවත්වාගෙන යාම.

       4. ව්‍යාපාරික සංගම් පවත්වාගෙන යාම.

       5. ව්‍යවසායහි ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

       6. ගෘහස්ථ සංචාරක නිකේතන (HOME STAY) වැඩසටහන.

      7. ජපන් භාශා ප්‍රවීණතා වැඩසටහන යටතේ ඉල්ලුම් කරුවන් විදේශසේවා නියුක්ති කාර්යංශය හා සම්බන්ධ කිරීම.

 

09

 මෙහෙයුම් අංශය

       06. ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන 2025.

       07. දිස්ත්‍රික් මාසික ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්වීඹ.

10 ජීවනෝපාය අංශය
  1. ලෝක බැංකු සමාජ ආරක්ෂණ වැඩසටහන.
  2. ප්‍රජා සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ.

    bullet yellow   අස්වැසුමලාභී පවුල් සවිබල ගැන්වීම.

   bullet yellow     සමෘද්ධි අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීම

  

අංශයට සම්බන්ධ වෙබ් අඩවිවල සබැඳියන්

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

 

අවසන් යාවත්කාලීනය : 2026-05-14


අප අමතන්න

දුරකථන           : 0912 222 974

ෆැක්ස්              : 0912 227 456

විද්‍යුත් තැපෑල  : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ආයතන/ අංශ ප්‍රධානි

samurdi

 

එච්. යූ. කාංචනා චතුරාණි මහත්මිය

දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ

 0710 881 943

 0912 232 632