News Image 1 27 JUL 2026

රාජ්‍ය සේවයේ ගෞරවය, පාරදෘශ්‍යභාවය සහ කාර්යක්ෂමතාවය රැක ගැනීමට කැපවීම සඳහා ජාතික සුපිළිපන් දිවුරුම / ප්‍රතිඥාව කියවීම

“සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුමට සමගාමීව සුපිළිපන් ප්‍රතිඥාව ලබා දීම 2026.07.27 වන දින පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල් මහතාගේ ප්‍රධානත්වයෙන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.

News Image 2 28 July 2026

සුපිළිපන් පාගමනක් ක්‍රියාත්මක කිරීම

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීමට සමගාමීව දිස්ත්‍රික් මට්ටමේ පාගමනක් 2026.07.28 වන දින පෙ.ව. 9.00 ට ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.‍

රාජ්‍ය සේවයේ ගෞරවය, පාරදෘශ්‍යභාවය සහ කාර්යක්ෂමතාවය රැක ගැනීමට කැපවීම සඳහා ජාතික සුපිළිපන් දිවුරුම / ප්‍රතිඥාව කියවීම

Featured Image

“සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුමට සමගාමීව සුපිළිපන් ප්‍රතිඥාව ලබා දීම 2026.07.27 වන දින පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල් මහතාගේ ප්‍රධානත්වයෙන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීමත්, දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීමත් අරමුණු කර ගනිමින් "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික මෙහෙයුම සමඟ මෙය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලදී.

ප්‍රතිඥාව ලබාදීමට එක්වෙමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල් මහතා පැවසුවේ රාජ්‍ය සේවකයන් වශයෙන් “අප කාටත් සුපිළිපන් බව සම්බන්ධයෙන් වගකීමක් ඇති බවයි. අනාගතයට අපගේ ඉදිරි පරම්පරාවට රට රැක ගැනීමට, රට අවදානමකට ලක් නොකිරීමට සියලු රාජ්‍ය සේවකයන් තමන්ට පුළුවන් උපරිම ශක්තිය ලබා දිය යුතු බවත් දිස්ත්‍රික් ලේකම් වැඩිදුරටත් පැවසීය. සුපිළිපන් බව ඇති කිරීමට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල 22 ම ඉදිරියේදී එකම සැලැස්මකට/ක්‍රමවේදයකට ක්‍රියාත්මක කරන බවත්, එම ක්‍රියාවලීන් සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කිරීමෙන් අල්ලස සහ දූෂණය මුලිනුපුටා දැමීමට බලාපොරොත්තු වන බවත් දිස්ත්‍රික් ලේකම් වැඩිදුරටත් සඳහන් කරන්නට විය.

මෙය හුදෙක් එක් සතියකට පමණක් සීමා වූ සැමරුම් උත්සවයක් නොව, රාජ්‍ය සේවයේ පරිසරය වෙනස් කෙරෙන කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වැඩපිළිවෙළක ආරම්භය ලෙස මෙම වැඩසටහන සැළකේ. පෞද්ගලික ලාභයන් නොතකා පොදු මහජන යහපතට නිවැරදි හා සදාචාරාත්මක ක්‍රියාදාමයන් තුළින් ප්‍රමුඛතාව ලබාදෙන, ස්වයං-පාලනයකින් යුත් සුපිළිපන් රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කිරීම මෙම ජාතික වැඩසටහනෙහි මූලික අරමුණ වේ.

Gallery Photo 1
Gallery Photo 2
Gallery Photo 1
Gallery Photo 2

සුපිළිපන් පාගමනක් ක්‍රියාත්මක කිරීම

Featured Image

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීමට සමගාමීව දිස්ත්‍රික් මට්ටමේ පාගමනක් 2026.07.28 වන දින පෙ.ව. 9.00 ට ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණි.‍

ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් ආරම්භ වී ගාල්ල මහ නගර සභාව තෙක් පැමිණ, පාගමන අවසානයේදී සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන් වීදී නාට්‍ය ප්‍රදර්ශනයක් ද සිදු කෙරිණි. එමෙන්ම පාගමන අතරතුර සුපිළිපන්භාවය සහ මහජන වගකීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදා දීමක්ද සිදු විය.

මේ සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්‍රලාල් මහතා, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම් මහතා, දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ඉන්දික සමරකෝන් මහතා, ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ඒ.එම්.ඒ.යූ.ජී. කාරියවසම් මිය, ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ජී.ජී. ලක්ෂ්මි කාන්ති මෙය, ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මිය, ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් ටී.බී.එන්.යූ. කුමාර මයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පළාත් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරීන් 200 ක පිරිසක් මෙන්ම, ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකරණ නිලධාරීන්, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් 200, ගාල්ල මහ නගර සභාව, ගාල්ල තරුණ සේවා සභාව, යෞවන සමාජ සිවිල් සංවිධාන සහ පෞද්ගලික ආයතන රැසක් ඇතුළු 800 ක පිරිසක් මෙම පාගමන සඳහා සිය දායකත්වය ලබා දෙන්නට විය.

Gallery Photo 1
Gallery Photo 2
Gallery Photo 1
Gallery Photo 2
Gallery Photo 1
Gallery Photo 2
Gallery Photo 1
Gallery Photo 2
Gallery Photo 1
Gallery Photo 2