InternalAudit banner


අරමුණ

2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 38 වන වගන්තියේ දක්වා ඇති පරිදි ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන්ගේ වගකීම් ඉටුවන බවට සහතික කිරීම සඳහා එම පනතේ 40 වන වගන්තිය ප්‍රකාරව සිදුකර ඇති පත් කිරීම් හා මු.රේ. 133 ප්‍රකාරව, අභ්‍යන්තර විගණන අංශයට පැවරී ඇති බලතල හා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ හා මාර්ගෝපදේශයන්ට අනුකූලව, අභ්‍යන්තර විගණන කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට අදාලව සිදු කිරීම.

අංශයේ කාර්යන් :-

  •  
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ඒ යටතේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22 ට අදාළ ව වාර්ෂිකව සකස් කරනු ලබන අභ්‍යන්තර විගණන සැලැස්ම ප්‍රකාරව විගණන පරීක්ෂාවන් සිදුකර වාර්තා දිස්ත්‍රික් ලේකම් වෙත ඉදිරිපත් කිරීම.
  •  
දිස්ත්‍රික් විගණන කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම.
  •  
ප්‍රාදේශීය විගණන කළමනාකරණ කමිටු සඳහා සහභාගී වීම.
  •  
ප්‍රාදේශීය විගණන කළමනාකරණ කමිටු සඳහා සහභාගී වීම.
  •  
වැරදි හා වංචා වැළැක්වීම සඳහා ආයතනය තුළ ක්‍රියාත්මක වන අභ්‍යන්තර සෝදිසි හා පාලන ක්‍රමය සැලැස්ම අතින් මෙන්ම තත්‍ය ක්‍රියාකාරීත්වය අතින් සාර්ථකදැයි සොයා බැලීම.
  •  
ගිණුම් සහ වෙනත් වාර්තාවල විශ්වාසනීයභාවය නිශ්චය කිරීම සහ යොදා ගෙන ඇති ගිණුම්කරණ පිළිවෙත් මඟින් නිවැරදි මූල්‍ය ප්‍රකාශයන් පිළියෙළ කිරීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයෙන්නේදැයි සොයා බැලීම.
  •  
ආයතනය සතු වත්කම් සියළුම ආකාරයේ අලාභහානිවලින් කොතරම් දුරට ආරක්ෂා කර ඇත්දැයි සොයා බැලීම.
  •  
රජයේ ආයතන සංග්‍රහය, රජයේ මුදල් රෙගුලාසි සහ රාජ්‍ය පරිපාලන විෂයභාර අමාත්‍යංශය විසින් සහ භාණ්ඩාගාරය විසින් වරින් වර නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛ හා වෙනත් පරීපූරක උපදෙස්ද, පිළිපදිනු ලැබේදැයි සොයා බැලීම.
  •  

නාස්තිය, නිෂ්කාර්ය ධාරිතාව සහ පමණ ඉක්මවා කෙරෙන වියදම් වැළැක්වීමට මෙන්ම, ඒවා අනාවරණය කර ගැනීමට යොදාගනු ලබන අභ්‍යන්තර පාලන ක්‍රමයෙහි ප්‍රමාණාත්මකභාවය සොයා බැලීම.

  •  

ආයතනයේ මෙහෙයුම් කාර්යයන් පරීක්ෂා කිරීම සහ ඒ පිළිබඳ වාර්තා කිරීම.

  •  

වැඩ යෝජනා ක්‍රම හා ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ ඒ පිළිබඳ වැඩසටහන් සහ කාලසටහන් කොතෙක් දුරට ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීම කෙරෙහි යොමුවී ඇත්දැයි ඇගයීමක් කිරීම සහ භාවිතා කරනු ලබන පාලනයන් ඇගයීම හා සමාලෝචනය කිරීම.

  •  

ඉහත පරීක්ෂාවන් යටතේ අභ්‍යන්තර විගණන වාර්තා සකස් කිරීම සහ එහි පිටපත් ජාතික විගණන කාර්යාලය, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුව සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශයට යොමු කිරීම.

අවසන් යාවත්කාලීනය : 2026-09-17


අප අමතන්න

දුරකථන             : 091 2224453

ෆැක්ස්                 : 091 4944819

විද්‍යුත් තැපෑල     : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ආයතන/ අංශ ප්‍රධානි

Internal Auditor

 එන්. ජී. අයි විජේරත්න මිය

ප්‍රධාන අභ්‍යන්තර විගණක

0718 496 178