acc banner

 

vision දැක්ම


තිරසාර සංවර්ධනය සඳහා ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර සංවර්ධනය.

vision මෙහෙවර


ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය සඳහා උපරිම දායකත්වය ලබා දීම සඳහා,

ව්‍යවසායක ක්ෂේත්‍රය වෙත ප්‍රවේශ වීමට රැකියා විරහිත තරුණයින් දිරිගැන්වීම, තරුණ ප්‍රජාව තුළ ව්‍යවසායකත්ව හැකියාවන් වැඩිදියුණු කිරීම, ව්‍යාපාර කාර්යක්ෂමතාව හා ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ  ව්‍යාපාර සංවර්ධනය සඳහා අනුග්‍රාහක සේවා සැපයීම


අරමුණු

bullet yellow  තරුණ ව්‍යවසායක හැකියාවන් වර්ධනය කිරීම තුළින් "දේශීය ව්‍යවසායකත්ව සංස්කෘතිය" නිර්මාණය කිරීම
bullet yellow  නව රැකියා අවස්ථාවන් හදුනා ගැනීම සහ ව්‍යවසායන් ආරම්භ කිරීමට මග පෙන්වීම තුළින් තරුණ තරුණියන්ගේ ජීවන තත්වයන් ඉහල නැංවීම
bullet yellow තරුණ ව්‍යවසායන්හි කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය වැඩිදියුණු කිරීම තුළින් තරුණ තරුණියන්ට වැඩි රැකියා අවස්ථා ලබා දීම සහ ආදායම් වර්ධනය කිරීම.
bullet yellow ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරවල ඵලදායීතාව සහ පැවැත්ම සහතික කිරීම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබා දීම

 

අංශයෙන් කෙරෙන කාර්යයන්

රටේ ආර්ථික සංවර්ධනය සඳහා විභවතාවන් පවතින ක්ෂේත්‍රයන්හි නව ව්‍යවසායකයින් ඇති කිරීම සඳහාත්, දැනටමත් පවතින කුඩා ව්‍යාපාර වර්ධනය කිරීමට වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීමත් ව්‍යවසායකයන්ට අවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා පහසුකම් සැලසීමත් කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සිදුවේ.

විශේෂයෙන්ම විරැකියාවෙන් පෙ‍‍ළෙන තරුණ තරුණියන් ඉලක්ක කර ගත් සේවාවන් හා පහසුකම් මෙන්ම නව ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ පවත්නා ව්‍යාපාර වැඩිදියුණු කිරීමට බලාපොරොත්තුවන ව්‍යවසායකයන් සඳහා සේවා සපයනු ලැබේ.

ආයතනයේ ප්‍රධාන කාර්යභාරය වන්නේ විභවතාවයන් සහිත ක්ෂේත්‍රයන් තුළ නව ව්‍යාපාර ආරම්භ කිරීමට සහාය වීමත්, දැනටමත් පවතින ව්‍යාපාර දියුණු කිරීමත්ය. ඒ සඳහා ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන් පවත්වනු ලබන අතර, ඒ තුළින් තරුණ තරුණියන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වැඩිදියණු කරමින් ව්‍යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරයි.

 

සපයනු ලබන පහසුකම් හා සේවා

  • ධාරිතා සංවර්ධනය සහ පුහුණුව
  • අලෙවි පහසුකම්
  • මුල්‍ය පහසුකම්
  • ව්‍යාපාර උපදේශනය
  • තාක්ෂණ හා නිෂ්පාදන සංවර්ධනය
  • පර්යේෂණ හා සංවර්ධන
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සුදුසු පරිසරයක් ඇති කිරීම
  • CYBER SED - Online Entreprenuer Training and Learning Platform

 

අංශයෙන් කෙරෙන කාර්යයන් සඳහා අවශ්‍ය වන පෝරම

ව්‍යවසායකයන් ලියාපදිංච් කිරීමේ ආකෘතිපත්‍ර (LS) sin btn en btn
ව්‍යවසායකයන් ලියාපදිංච් කිරීමේ ආකෘතිපත්‍ර (HB) sin btn en btn
SED Form - Business Progress Evaluation Form (1st Step)   en btn
SED Form - Business Progress Evaluation Form   en btn
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් අරඹමු - ශ්‍රී ලංකා මහා බැංකුව sin btn  

 

අංශයට සම්බන්ධ වෙනත් වෙබ් අඩවි

Small Enterprises Development Division web

CYBER SED - Online Entreprenuer Training and Learning Platform

Online Entrepreneur registration

අවසන් යාවත්කාලීනය : 2025-12-07


අප අමතන්න

දුරකථන          : 0912 242 308

ෆැක්ස්             : 0912 242 308

විද්‍යුත් තැපෑල   : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Facebook        :  SEDGalle

ආයතන/ අංශ ප්‍රධානි

mr.pemasiri

 

ජී. පී. පේමසිරි මහතා

සහකාර අධ්‍යක්ෂ

 071 42 75 203