“සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්රී ලංකාවක්” ජාතික මෙහෙයුමට සමගාමීව සුපිළිපන් ප්රතිඥාව ලබා දීම 2026.07.27 වන දින පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්රලාල් මහතාගේ ප්රධානත්වයෙන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි. ශ්රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්‍යක්ෂමතාව සහ පාරදෘශ්යභාවය ඉහළ නැංවීමත්, දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්යුහයක් ගොඩනැගීමත් අරමුණු කර ගනිමින් "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්රී ලංකාවක්" ජාතික මෙහෙයුම සමඟ මෙය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලදී. ප්රතිඥාව ලබාදීමට එක්වෙමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්රලාල් මහතා පැවසුවේ රාජ්‍ය සේවකයන් වශයෙන් “අප කාටත් සුපිළිපන් බව සම්බන්ධයෙන් වගකීමක් ඇති බවයි. අනාගතයට අපගේ ඉදිරි පරම්පරාවට රට රැක ගැනීමට, රට අවදානමකට ලක් නොකිරීමට සියලු රාජ්‍ය සේවකයන් තමන්ට පුළුවන් උපරිම ශක්තිය ලබා දිය යුතු බවත් දිස්ත්‍රික් ලේකම් වැඩිදුරටත් පැවසීය. සුපිළිපන් බව ඇති කිරීමට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 22 ම ඉදිරියේදී එකම සැලැස්මකට/ක්රමවේදයකට ක්‍රියාත්මක කරන බවත්, එම ක්රියාවලීන් සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කිරීමෙන් අල්ලස සහ දූෂණය මුලිනුපුටා දැමීමට බලාපොරොත්තු වන බවත් දිස්ත්‍රික් ලේකම් වැඩිදුරටත් සඳහන් කරන්නට විය. මෙය හුදෙක් එක් සතියකට පමණක් සීමා වූ සැමරුම් උත්සවයක් නොව, රාජ්‍ය සේවයේ පරිසරය වෙනස් කෙරෙන කෙටිකාලීන, මධ්යකාලීන සහ දීර්ඝකාලීන වැඩපිළිවෙළක ආරම්භය ලෙස මෙම වැඩසටහන සැළකේ. පෞද්ගලික ලාභයන් නොතකා පොදු මහජන යහපතට නිවැරදි හා සදාචාරාත්මක ක්රියාදාමයන් තුළින් ප්රමුඛතාව ලබාදෙන, ස්වයං-පාලනයකින් යුත් සුපිළිපන් රාජ්‍ය සේවකයෙකු නිර්මාණය කිරීම මෙම ජාතික වැඩසටහනෙහි මූලික අරමුණ වේ.
රාජ්‍ය සේවයේ ගෞරවය, පාරදෘශ්යභාවය සහ කාර්යක්ෂමතාවය රැක ගැනීමට කැපවීම සඳහා ජාතික සුපිළිපන් දිවුරුම / ප්රතිඥාව කියවීම
“සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්රී ලංකාවක්” ජාතික මෙහෙයුමට සමගාමීව සුපිළිපන් ප්රතිඥාව ලබා දීම 2026.07.27 වන දින පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්රලාල් මහතාගේ ප්රධානත්වයෙන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි.
සුපිළිපන් පාගමනක් ක්‍රියාත්මක කිරීම
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්රී ලංකාවක්” ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීමට සමගාමීව දිස්ත්‍රික් මට්ටමේ පාගමනක් 2026.07.28 වන දින පෙ.ව. 9.00 ට ගාල්ල නගරය කේන්ද්ර කර ගනිමින් පැවැත්විණි.
රාජ්‍ය සේවයේ ගෞරවය, පාරදෘශ්යභාවය සහ කාර්යක්ෂමතාවය රැක ගැනීමට කැපවීම සඳහා ජාතික සුපිළිපන් දිවුරුම / ප්රතිඥාව කියවීම
සුපිළිපන් පාගමනක් ක්‍රියාත්මක කිරීම
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වන “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්රී ලංකාවක්” ජාතික මෙහෙයුම ක්‍රියාවට නැංවීමට සමගාමීව දිස්ත්‍රික් මට්ටමේ පාගමනක් 2026.07.28 වන දින පෙ.ව. 9.00 ට ගාල්ල නගරය කේන්ද්ර කර ගනිමින් පැවැත්විණි. ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආරම්භ වී ගාල්ල මහ නගර සභාව තෙක් පැමිණ, පාගමන අවසානයේදී සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන් වීදී නාට්ය ප්රදර්ශනයක් ද සිදු කෙරිණි. එමෙන්ම පාගමන අතරතුර සුපිළිපන්භාවය සහ මහජන වගකීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්රිකා බෙදා දීමක්ද සිදු විය. මේ සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. චන්ද්රලාල් මහතා, දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම් මහතා, දකුණු පළාත් ක්රීඩා අමාත්යාංශයේ ලේකම් ඉන්දික සමරකෝන් මහතා, ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ඒ.එම්.ඒ.යූ.ජී. කාරියවසම් මිය, ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ජී.ජී. ලක්ෂ්මි කාන්ති මෙය, ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් එල්.එන්. පියුමලී ලියනගේ මිය, ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් ටී.බී.එන්.යූ. කුමාර මයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පළාත් සභාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරීන් 200 ක පිරිසක් මෙන්ම, ක්ලීන් ශ්රී ලංකා සම්බන්ධීකරණ නිලධාරීන්, කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් 200, ගාල්ල මහ නගර සභාව, ගාල්ල තරුණ සේවා සභාව, යෞවන සමාජ සිවිල් සංවිධාන සහ පෞද්ගලික ආයතන රැසක් ඇතුළු 800 ක පිරිසක් මෙම පාගමන සඳහා සිය දායකත්වය ලබා දෙන්නට විය.
- අයදුම්පත් ගාස්තු
- කිසිදු පොදු අධිකාරියක්, පුරවැසියෙකු විසින් තොරතුරු ඉල්ලීමක් සිදු කිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම අයදුම්පතක් සැපයීමේදි කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුයි.
- තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් මූලික කටයුතු කිරීම සඳහා කිසිදු පොදු අධිකාරියක් කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුයි.
- කිසිදු පොදු අධිකාරියක්, පුරවැසියෙකු විසින් තොරතුරු ඉල්ලීමක් සිදු කිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම අයදුම්පතක් සැපයීමේදි කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුයි.
- තොරතුරු සඳහා ගාස්තු:
අන් ලෙසකින් නියම කර ඇත්තේ නම් මිස, තොරතුරු ඉල්ලීමක් සඳහා කිසිදු ප්‍රතිචාර වශයෙන් තොරතුරු සැපයීම පිණිස පහත දැක්වෙන ගාස්තු පොදු අධිකාරයක් විසින් අය කරනු ලැබිය හැකිය:
- ජායාපිටපත් ගැනිම:
- A4 (සෙ.මි 21 x සෙ.මි 29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු.2/- සහ එකම කොළයේ දෙපැත්ත රු.4/- ක් වේ.
- ලීගල් ප්‍රමාණයේ (සෙ.මි 21.59 x සෙ.මී 35.56) කඩදාසියක සහ A3 (සෙ.මී 29.7x සෙ.මී 42) ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
- ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අයකරේ.
- මුද්‍රිත පිටපත් ලබා ගැනිම
- A4 (සෙ.මී 21 x සෙ.මී 29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
- ලීගල් ප්‍රමාණයේ (සෙ.මී 21.59 x සෙ.මී 35.56) කඩදාසියක සහ A3 (සෙ.මී 29.7x සෙ.මී 42) ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
- ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසයක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අයකරේ.
- තොරතුරු ඉල්ලීම සිදුකරනු ලබන පුරවැසියා විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (diskette), සංයුක්ත තැටියක් (Compact Disk) යුඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive)හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත තොරතුරු පිටපත් කරදීම පිණිස මේ එක් එක් අයිතමයක් සඳහා රු. 20/- බැගින් අය කරේ.
- පොදු අධිකාරිය විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (diskette), සංයුක්ත තැටියක් (Compact Disc) යුඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive)හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත පිටපත්කර දීම සඳහා සැබෑ වියදම අය කෙරේ.
- යම්කිසි ලියවිල්ලක් හෝ විෂයයක් පරික්ෂා කරන්නේ නම් හෝ අධ්‍යයනය කරන්නේ නම් හෝ ඉදිකිරිම් ක්ෂේත්‍රයක් පරීක්ෂාවට ලක්කරන්නේ නම් පැයකට රු. 50/- බැගින් අය කෙරෙනු ලබන අතර,
එකී අධ්‍යයනය/පරික්ෂාව සඳහා පැයකට වඩා වැඩි කාලයක් ගතවන්නේ නම් පළමු පැය සඳහා ගාස්තු අය නොකෙරේ. මෙය සිදුකරන්නේ නොමිලේ එබඳු පරීක්ෂාවක් සිදු කිරිමට ඉඩ සැලසු පොදු අධිකාරීන්ගේ එකී භාවිතයට අගතියක් නොවන පරිදිය. තවද එකී පොදු අධිකාරින්ගේ එකී භාවිතය මෙම උප රීතිය තිබියදී වුවද එසේම පවතිනු ඇත.
- නියැදි (සාම්පල) හෝ ආකෘති (මොඩල) සඳහා සත්‍ය වියදම අයකෙරෙනු ඇත.
- ඊ මේල් (විද්‍යුත් තැපෑල) මගින් සපයනු ලබන තොරතුරු සඳහා ගාස්තු අය නෙකරේ.
- ජායාපිටපත් ගැනිම:
- චක්‍රෙල්ඛ හෝ රීති වශයෙන් මීට පෙර නියමකළ හෝ නිකුත් කළ ගාස්තු උපලේඛනයක් යම්කිසි පොදු අධිකාරියක් සතුව පවතියි නම්, 4 වන රීතියේ කුමක් සඳහන් වුවද එකී ගාස්තු උපලේඛනය දිගින් දිගටම ක්‍රියාත්මක වනු ඇත.
මේ අනුව, දැනට පවත්නා ගාස්තු උපලේඛන සම්බන්ධයෙන් යම්කිසි ගැටුමක් ඇති වුවහොත්, ගාස්තු සහ අභියාචන පිළිබඳ මෙකී රීතිවලට අනුකූලව එබඳු තත්වයක්, කොමිෂන් සභාවෙන් නිශ්චය කළ යුතු අභියාචනයට විෂය විය හැකිය.
- ගාස්තුවකින් තොරව සපයනු ලබන තොරතුරු:
-
ඉහත සඳහන් කළ 4 වැනි රීතියේ කුමක් සඳහන් වුවද, පොදු අධිකාරිය විසින් පිටු හතරක් (ඒ 4 ප්‍රමාණයේ) ප්‍රමාණයේ තොරතුරු අත්තර්ගත හෝ සකසන ලද ජායාපිටපත් හෝ මුද්‍රිත පිටපත් ගාස්තුවකින් තොරව ලබාදීය යුතුය.
-
සාමාන්‍යයෙන් ගාස්තුවකින් තොරව ලබාදිය හැකි තොරතුරු, තවදුරටත් ගාස්තුවකින් තොරවම ලබාදිය යුතුය.
-
-
ගාස්තු ගෙවීමේ කුමය:
-
මෙකී රීතිවල අන් තැනෙක කුමක් සඳහන් වුවද,පොදු අධිකාරියට පහත දැක්වෙන ආකාරයට තොරතුරු සඳහා ගාස්තු අය කළ හැකිය.
-
තොරතුරු නිලධාරියාට අත්පිට මුදල් වශයෙන්
-
පොදු අධිකාරියේ ගිණුම් නිලධාරියා වෙත යොමු කළ බැංකු අණකරයක් මගින්.
-
-
ගාස්තු ගෙවීමේ ක්‍රමය කුමක් වුවද තොරතුරු නිලධාරියා විසින් එකී ගෙවීමට අදාළව රිසිටිපතක් නිකුත් කළ යුතුය.
-
-
තොරතුරුවලට ප්‍රවේශය:
-
විශාල වෙළුම්වලින් සැපයිය යුතු තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන්,එකී තොරතුරුවලට ප්‍රවේශය ලබාදීමට පෙරාතුව එම ප්‍රවේශය ලබාදිය හැකි විවිධ ආකෘති පිළිබඳව සහ ඒවාට අනූකූල ගාස්තු පිළිබඳව මෙන්ම සටහන් ලබාගැනිමේ හැකියාව, උධෘත පිටපත් කර ගැනිමේ හැකියාව, පොදු අධිකාරියේ අභිමතය ද ඇතුළත්ව, සහ එකී ද්‍රව්‍යයේ ජායාරූප ජංගම දුරකථනයක් හෝ අතේ ඇති කැමරාවක් මගින් ලබාගැනිමට ඇති හැකියාව සම්බන්ධයෙන් තොරතුරු නිළධාරියා පුරවැසියාව දැනුවත් කළ යුතුය.
-
5 වන 6 වන රීතීයේ සඳහන් කර ඇති තත්වය හැරුණුකොට, නියම කරන ලද ගාස්තුව එකී තොරතුර ඉල්ලා සිටි පුරවැසියා වෙත තොරතුර වෙත ප්‍රවේශය ලබාදීමට පෙර සම්පුර්ණයෙන් ගෙවිය යුතුය.
-
-
ප්‍රගාමී ලෙස හෙළිදරව් කිරිම:
-
ඉහත රීති මගින් නියම කළ ගාස්තුවලට අනුකූලව තොරතුරු ඉල්ලීමක් සිදුකරන පුරවැසියෙකුට පනතේ 8 වැනි වගන්තිය අනුව අමාත්‍යවරුන් විසින් පළ කරනු ලබන වාර්තා සහ පනතේ 10 වැනි වගන්තිය අනුව පොදු අධිකාරීන් විසින් පළකරනු ලබන වාර්තා පරීක්ෂා කිරීම, වෙබ්අඩිවියකින් බාගත කිරිම, විද්‍යුත් පිටපත් ද ඇතුලුව පිටපත් ලබාගැනීම ගාස්තුවකින් තොරව සහ පහසුවෙන් කළ හැකි විය යුතු වේ.
-
පනතේ 9 වැනි වගන්තියෙන් දක්වන ආකාරයට ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවන අමාත්‍යවරයෙක් එකී ව්‍යාපෘතියට අඳාල සියලු තොරතුරු පොදුවේ මහජනයා වෙත ලබාදිය යුත්තේය. එබඳු තොරතුරු පරීක්ෂා කිරිම, වෙබ්අඩවියකින් බාගත කිරීම, විද්‍යුත් පිටපත් ද ඇතුළුව පිටපත් ලබාගැනිම ගාස්තුවකින් තොරව සහ පහසුවෙන් කළ හැකි විය යුතු වේ.
-
-
ගාස්තු පිළිබඳ අභියාචන:
-
තොරතුරු ඉල්ලීම සිදුකරන පුරවැසියා තොරතුරු නිලධාරියා විසින් වැඩිපුර ගාස්තු අය කළේ යැයි සිතයි නම්, පනතේ 31 වගන්තිය ප්‍රකාරව ගෙවිය යුතු ගාස්තුව පිළිබඳ තොරතුරු නිලධාරියා විසින් දැනුම් දීමෙන් දින දාහතරක් ඇතුළත, තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ රීතිවලින් නියම කර ඇති ආකෘතියක් භාවිතා කරමින් එකී පුරවැසියා විසින් මේ සම්බන්ධයෙන් නම් කළ නිලධාරියා වෙත අභියාචනය කළ යුත්තේය.
-
ඉල්ලීම කරනු ලබන පුරවැසියා, නම් කළ නිලධාරියාගේ තීරණය සම්බන්ධයෙන් තෘප්තිමත් නොවන්නේ නම් ඔහු/ඇය එම තීරණයෙන් මාස 2ක් ඇතුළත, පනතේ 32 වගන්තියෙන් නියම කළ කාර්යපටිපාටිය සහ අඳාල රීති වලට අනුකූලව කොමිෂන් සභාව වෙත අභියාචනයක් කළ යුතු වන්නේය.
-
නම් කළ නිලධාරියා සහ/හෝ කොම්ෂන් සභාව වෙත අභියාචනයක් කිරිමේදී ගාස්තුවක් ගෙවිය යුතු නොවේ. අභියාචන පෝරම ගාස්තුවකින් තොරව නිකුත් කළ යුතුය.
-
-
අභියාචනයක් සාර්ථක වීම මත ගාස්තු අය කිරිමෙන් නිදහස් කිරිම:
නම් කළ නිලධාරියා වෙත හෝ කොමිෂන් සභාව වෙත පුරවැසියකු විසින් කරනු ලබන අභියාචනයක් සාර්ථක වී නම් පුරවැසියා විසින් ඉල්ලා සිටි එකී තොරතුර ගාස්තු අය කිරීමකින් තොරව ලබාදිය හැක්කේය. -
ගාස්තු ප්‍රතිපුර්ණය:
පනතේ විශේෂිතව දක්වා ඇති කාල පරිච්ජේදය තුළ අදාළ තොරතුර සපයා නැතිවිටදි පනතේ 15 (උ) වගන්තිය අනුව කොමිසමට තොරතුරු ඉල්ලීම කරනු ලැබු පුරවැසියාගෙන් අය කරනු ලැබු ගාස්තු ප්‍රතිපුර්ණය කරන ලෙසට පොදු අධිකාරියකට විධාන කළ හැකිය.
අවසන් යාවත්කාලීනය : 2026-10-05
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුල දූෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමනාකරණය කිරීම සහ ඊට අදාළව කටයුතු සිදුකිරීම මෙම ඒකකය පිහිටුවීමේ අරමුණ වේ.
ඔබගේ පැමිණිලි යෝජනා සහ ප්‍රතිචාර යොමුකිරීම සඳහා..
ඒ. එම්. ඒ. යූ. ජී. කාරියවසම් මිය
අතිරේක දිස්ත්‍රික් ලේකම්
ටී. බී. නලින්ද උදය කුමාර මයා
සහකාර දිස්ත්‍රික් ලේකම්
දුරකථන අංකය : 091 22 34 236
ෆැක්ස් අංකය : 091 22 22 972
Whatsapp No : 071 86 20 621
ඊමේල් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ජනාධිපති ලේකම් විසින් නිකුත් කරන ලද අංක PS/SB/Circular/2/2025 හා 2025 පෙබරවාරි 18 දිනැති චක්‍රලේඛය අනුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවන ලදී.
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න
රජයේ නිලධාරියකු අල්ලස් ඉල්ලුවාද?
දූෂණ ක්රියාවන් සිදු කරනවාද?
විෂමාචාර ක්රියාවන් සිදු කරනවාද?
ඔබගේ පැමිණිලි අපගේ අභ්‍යන්තර කටයුතු ඒකකයට වහාම දැනුම් දෙන්න.
ඔබගේ රහස්‍යභාවය සුරැකීමට අප බැඳී සිටින්නෙමු.

ක්ෂණික ඇමතුම්
1954
අල්ලස් හෝ දූෂණ විමර්ශන
කොමිෂන් සභාව
අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු
- ආයතනය තුළ දූෂණය වැලැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
- ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිධභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
- ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
- විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළිකරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
- නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.
අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි වගකීම් සහ කාර්යයන්
- ආයතනය තුළ පවතින පද්ධතිමය බාධාවන් (systemic bottlenecks) හඳුනාගැනීම සඳහා වත්මන් ක්‍රියාපටිපාටි සහ චක්‍රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
- දූෂණ අවදානම් ඇගයීම් (Corruption Risk Assesment) සිදු කිරීම මඟින් ආයතනය තුළ දූෂණයට හා සදාචාර විරෝධී හැසිරීම්වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනාගැනීම සහ ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම.
- ආයතනයේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස්කරන ලද නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
- ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ගවලට අනුකූල වීම.
- 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දූෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකූලතා සමාලෝචන (Compliance Assessments) සිදු කිරීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම.
- සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවානියුක්තිකයින් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරණ දූෂන විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීම.
- ආයතනය තුළ දූෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමණාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම, එවැනි සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනම් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් විමසීම් සිදු කරන අදාළ පාර්ශවකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම. අවශ්‍ය පරිදි, දූෂණ විරෝධී පනත යටතේ විර්මශනය සඳහා අදාළ කරුණු, සොයාගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විර්මශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
- ආයතනය විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්‍රඥප්තියක් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කිරීම.
- රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත ආචාර ධර්ම සංග්‍රහයක් ඇතුළුව, සදාචාරාත්මක පාලන ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
- දුෂණ විරෝධී මූලර්ධමවලට කැපවී සිටීමට අභිප්රේරණයක් ලෙස කාර්යමණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුත් ක්රියාමාර්ග ගැනීම.
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්නශ කොමිෂන් සභාව සහ ජාතික දූෂණ විරෝධී රාමුව මඟින් මෙහෙයවනු ලබන සුපිළිපන්න ඇගයීම් ක්රියාවලීන් සඳහා ආයතනය සහභාගී වන බව සහ ඒ සමඟ පෙළගැසෙන බවසහතික කරමින්, ජාතික දූෂණ විරෝධී සුපිළිපන්න ඇගයීම (National AntiCorruption Integrity Assessment) සඳහා ආයතනික කේන්ද්රස්ථානය ලෙස ක්රියා කිරීම.
- ඒකකයේ රාජකාරි ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ මගපෙන්වීම් සහ සහාය ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විර්මශන කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
- අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම්වල ප්රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශගත කරමින් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.
- පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
කමිටු සාමාජිකයන්
1. ජී. ජී. ලක්ෂ්මි කාන්ති මෙනවිය - අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන)
2. බී. එල්. ඒ. කුමාර මයා - ප්‍රධාන ගණකාධීකාරී
3. එන්. ජී. අයි. විජයරත්න මහත්මිය - ප්‍රධාන අභ්‍යන්තර විගණක
4. සී. කේ. වීරක්කොඩි මිය - ප්‍රධාන ඉංජිනේරු
5. බී. රසාංග සූරිආරච්චි මයා - අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන (රා. ආ.)
6. එම්. පී. තමරා මිය - දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ
7. එම්. ඩී. ටෙක්ලා කුමාරි මිය - දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ
8. පී. ඩබ්. කේ. මණ්ඩලවත්ත මහතා - සහකාර අධ්‍යක්ෂ
9. කේ. කේ. වී. මාධව තුෂාර මහතා - පරිපාලන නිලධාරී
10. ජේ. එන්. සමරසිංහ මහතා - ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී
11. කේ. පි. ඩී. ප්‍රියදර්ශනී මහත්මිය - ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි
12.බී. ජී. නිමල් මයා - ඵලදායිතා සංවර්ධන නිලධාරී
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ කිතුල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය හා කිතුල් වගා ප්‍රවර්ධන ව්‍යාපෘතිය තවලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඇළ ඉහළ ග්‍රාම නිලධාරී වසම ඉලක්ක කර ගනිමින් පසුගියදා (2021.10.09) ආරම්භ කෙරිණ.








