- අයදුම්පත් ගාස්තු
- කිසිදු පොදු අධිකාරියක්, පුරවැසියෙකු විසින් තොරතුරු ඉල්ලීමක් සිදු කිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම අයදුම්පතක් සැපයීමේදි කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුයි.
- තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් මූලික කටයුතු කිරීම සඳහා කිසිදු පොදු අධිකාරියක් කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුයි.
- කිසිදු පොදු අධිකාරියක්, පුරවැසියෙකු විසින් තොරතුරු ඉල්ලීමක් සිදු කිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම අයදුම්පතක් සැපයීමේදි කිසිදු ගාස්තුවක් අය නොකළ යුතුයි.
- තොරතුරු සඳහා ගාස්තු:
අන් ලෙසකින් නියම කර ඇත්තේ නම් මිස, තොරතුරු ඉල්ලීමක් සඳහා කිසිදු ප්‍රතිචාර වශයෙන් තොරතුරු සැපයීම පිණිස පහත දැක්වෙන ගාස්තු පොදු අධිකාරයක් විසින් අය කරනු ලැබිය හැකිය:
- ජායාපිටපත් ගැනිම:
- A4 (සෙ.මි 21 x සෙ.මි 29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු.2/- සහ එකම කොළයේ දෙපැත්ත රු.4/- ක් වේ.
- ලීගල් ප්‍රමාණයේ (සෙ.මි 21.59 x සෙ.මී 35.56) කඩදාසියක සහ A3 (සෙ.මී 29.7x සෙ.මී 42) ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
- ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසියක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අයකරේ.
- මුද්‍රිත පිටපත් ලබා ගැනිම
- A4 (සෙ.මී 21 x සෙ.මී 29.7) කඩදාසියක හෝ ඊට වඩා කුඩා ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
- ලීගල් ප්‍රමාණයේ (සෙ.මී 21.59 x සෙ.මී 35.56) කඩදාසියක සහ A3 (සෙ.මී 29.7x සෙ.මී 42) ප්‍රමාණයේ කඩදාසියක සපයනු ලබන තොරතුරු සඳහා තති පැත්තක් රු.4/- සහ එකම කොළයේ දෙපැත්ත රු.8/- ක් වේ.
- ඉහත සඳහන් කළ ප්‍රමාණයට වඩා විශාල කඩදාසයක සපයනු ලබන තොරතුරක් සඳහා සැබෑ වියදම අයකරේ.
- තොරතුරු ඉල්ලීම සිදුකරනු ලබන පුරවැසියා විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (diskette), සංයුක්ත තැටියක් (Compact Disk) යුඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive)හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත තොරතුරු පිටපත් කරදීම පිණිස මේ එක් එක් අයිතමයක් සඳහා රු. 20/- බැගින් අය කරේ.
- පොදු අධිකාරිය විසින් සපයනු ලබන ඩිස්කට්ටුවක් (diskette), සංයුක්ත තැටියක් (Compact Disc) යුඑස්බී දත්ත පරිවාහකයක් (USB mass drive)හෝ එබඳු වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංගයක් වෙත පිටපත්කර දීම සඳහා සැබෑ වියදම අය කෙරේ.
- යම්කිසි ලියවිල්ලක් හෝ විෂයයක් පරික්ෂා කරන්නේ නම් හෝ අධ්‍යයනය කරන්නේ නම් හෝ ඉදිකිරිම් ක්ෂේත්‍රයක් පරීක්ෂාවට ලක්කරන්නේ නම් පැයකට රු. 50/- බැගින් අය කෙරෙනු ලබන අතර,
එකී අධ්‍යයනය/පරික්ෂාව සඳහා පැයකට වඩා වැඩි කාලයක් ගතවන්නේ නම් පළමු පැය සඳහා ගාස්තු අය නොකෙරේ. මෙය සිදුකරන්නේ නොමිලේ එබඳු පරීක්ෂාවක් සිදු කිරිමට ඉඩ සැලසු පොදු අධිකාරීන්ගේ එකී භාවිතයට අගතියක් නොවන පරිදිය. තවද එකී පොදු අධිකාරින්ගේ එකී භාවිතය මෙම උප රීතිය තිබියදී වුවද එසේම පවතිනු ඇත.
- නියැදි (සාම්පල) හෝ ආකෘති (මොඩල) සඳහා සත්‍ය වියදම අයකෙරෙනු ඇත.
- ඊ මේල් (විද්‍යුත් තැපෑල) මගින් සපයනු ලබන තොරතුරු සඳහා ගාස්තු අය නෙකරේ.
- ජායාපිටපත් ගැනිම:
- චක්‍රෙල්ඛ හෝ රීති වශයෙන් මීට පෙර නියමකළ හෝ නිකුත් කළ ගාස්තු උපලේඛනයක් යම්කිසි පොදු අධිකාරියක් සතුව පවතියි නම්, 4 වන රීතියේ කුමක් සඳහන් වුවද එකී ගාස්තු උපලේඛනය දිගින් දිගටම ක්‍රියාත්මක වනු ඇත.
මේ අනුව, දැනට පවත්නා ගාස්තු උපලේඛන සම්බන්ධයෙන් යම්කිසි ගැටුමක් ඇති වුවහොත්, ගාස්තු සහ අභියාචන පිළිබඳ මෙකී රීතිවලට අනුකූලව එබඳු තත්වයක්, කොමිෂන් සභාවෙන් නිශ්චය කළ යුතු අභියාචනයට විෂය විය හැකිය.
- ගාස්තුවකින් තොරව සපයනු ලබන තොරතුරු:
-
ඉහත සඳහන් කළ 4 වැනි රීතියේ කුමක් සඳහන් වුවද, පොදු අධිකාරිය විසින් පිටු හතරක් (ඒ 4 ප්‍රමාණයේ) ප්‍රමාණයේ තොරතුරු අත්තර්ගත හෝ සකසන ලද ජායාපිටපත් හෝ මුද්‍රිත පිටපත් ගාස්තුවකින් තොරව ලබාදීය යුතුය.
-
සාමාන්‍යයෙන් ගාස්තුවකින් තොරව ලබාදිය හැකි තොරතුරු, තවදුරටත් ගාස්තුවකින් තොරවම ලබාදිය යුතුය.
-
-
ගාස්තු ගෙවීමේ කුමය:
-
මෙකී රීතිවල අන් තැනෙක කුමක් සඳහන් වුවද,පොදු අධිකාරියට පහත දැක්වෙන ආකාරයට තොරතුරු සඳහා ගාස්තු අය කළ හැකිය.
-
තොරතුරු නිලධාරියාට අත්පිට මුදල් වශයෙන්
-
පොදු අධිකාරියේ ගිණුම් නිලධාරියා වෙත යොමු කළ බැංකු අණකරයක් මගින්.
-
-
ගාස්තු ගෙවීමේ ක්‍රමය කුමක් වුවද තොරතුරු නිලධාරියා විසින් එකී ගෙවීමට අදාළව රිසිටිපතක් නිකුත් කළ යුතුය.
-
-
තොරතුරුවලට ප්‍රවේශය:
-
විශාල වෙළුම්වලින් සැපයිය යුතු තොරතුරු ඉල්ලීම් සම්බන්ධයෙන්,එකී තොරතුරුවලට ප්‍රවේශය ලබාදීමට පෙරාතුව එම ප්‍රවේශය ලබාදිය හැකි විවිධ ආකෘති පිළිබඳව සහ ඒවාට අනූකූල ගාස්තු පිළිබඳව මෙන්ම සටහන් ලබාගැනිමේ හැකියාව, උධෘත පිටපත් කර ගැනිමේ හැකියාව, පොදු අධිකාරියේ අභිමතය ද ඇතුළත්ව, සහ එකී ද්‍රව්‍යයේ ජායාරූප ජංගම දුරකථනයක් හෝ අතේ ඇති කැමරාවක් මගින් ලබාගැනිමට ඇති හැකියාව සම්බන්ධයෙන් තොරතුරු නිළධාරියා පුරවැසියාව දැනුවත් කළ යුතුය.
-
5 වන 6 වන රීතීයේ සඳහන් කර ඇති තත්වය හැරුණුකොට, නියම කරන ලද ගාස්තුව එකී තොරතුර ඉල්ලා සිටි පුරවැසියා වෙත තොරතුර වෙත ප්‍රවේශය ලබාදීමට පෙර සම්පුර්ණයෙන් ගෙවිය යුතුය.
-
-
ප්‍රගාමී ලෙස හෙළිදරව් කිරිම:
-
ඉහත රීති මගින් නියම කළ ගාස්තුවලට අනුකූලව තොරතුරු ඉල්ලීමක් සිදුකරන පුරවැසියෙකුට පනතේ 8 වැනි වගන්තිය අනුව අමාත්‍යවරුන් විසින් පළ කරනු ලබන වාර්තා සහ පනතේ 10 වැනි වගන්තිය අනුව පොදු අධිකාරීන් විසින් පළකරනු ලබන වාර්තා පරීක්ෂා කිරීම, වෙබ්අඩිවියකින් බාගත කිරිම, විද්‍යුත් පිටපත් ද ඇතුලුව පිටපත් ලබාගැනීම ගාස්තුවකින් තොරව සහ පහසුවෙන් කළ හැකි විය යුතු වේ.
-
පනතේ 9 වැනි වගන්තියෙන් දක්වන ආකාරයට ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවන අමාත්‍යවරයෙක් එකී ව්‍යාපෘතියට අඳාල සියලු තොරතුරු පොදුවේ මහජනයා වෙත ලබාදිය යුත්තේය. එබඳු තොරතුරු පරීක්ෂා කිරිම, වෙබ්අඩවියකින් බාගත කිරීම, විද්‍යුත් පිටපත් ද ඇතුළුව පිටපත් ලබාගැනිම ගාස්තුවකින් තොරව සහ පහසුවෙන් කළ හැකි විය යුතු වේ.
-
-
ගාස්තු පිළිබඳ අභියාචන:
-
තොරතුරු ඉල්ලීම සිදුකරන පුරවැසියා තොරතුරු නිලධාරියා විසින් වැඩිපුර ගාස්තු අය කළේ යැයි සිතයි නම්, පනතේ 31 වගන්තිය ප්‍රකාරව ගෙවිය යුතු ගාස්තුව පිළිබඳ තොරතුරු නිලධාරියා විසින් දැනුම් දීමෙන් දින දාහතරක් ඇතුළත, තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම පිළිබඳ රීතිවලින් නියම කර ඇති ආකෘතියක් භාවිතා කරමින් එකී පුරවැසියා විසින් මේ සම්බන්ධයෙන් නම් කළ නිලධාරියා වෙත අභියාචනය කළ යුත්තේය.
-
ඉල්ලීම කරනු ලබන පුරවැසියා, නම් කළ නිලධාරියාගේ තීරණය සම්බන්ධයෙන් තෘප්තිමත් නොවන්නේ නම් ඔහු/ඇය එම තීරණයෙන් මාස 2ක් ඇතුළත, පනතේ 32 වගන්තියෙන් නියම කළ කාර්යපටිපාටිය සහ අඳාල රීති වලට අනුකූලව කොමිෂන් සභාව වෙත අභියාචනයක් කළ යුතු වන්නේය.
-
නම් කළ නිලධාරියා සහ/හෝ කොම්ෂන් සභාව වෙත අභියාචනයක් කිරිමේදී ගාස්තුවක් ගෙවිය යුතු නොවේ. අභියාචන පෝරම ගාස්තුවකින් තොරව නිකුත් කළ යුතුය.
-
-
අභියාචනයක් සාර්ථක වීම මත ගාස්තු අය කිරිමෙන් නිදහස් කිරිම:
නම් කළ නිලධාරියා වෙත හෝ කොමිෂන් සභාව වෙත පුරවැසියකු විසින් කරනු ලබන අභියාචනයක් සාර්ථක වී නම් පුරවැසියා විසින් ඉල්ලා සිටි එකී තොරතුර ගාස්තු අය කිරීමකින් තොරව ලබාදිය හැක්කේය. -
ගාස්තු ප්‍රතිපුර්ණය:
පනතේ විශේෂිතව දක්වා ඇති කාල පරිච්ජේදය තුළ අදාළ තොරතුර සපයා නැතිවිටදි පනතේ 15 (උ) වගන්තිය අනුව කොමිසමට තොරතුරු ඉල්ලීම කරනු ලැබු පුරවැසියාගෙන් අය කරනු ලැබු ගාස්තු ප්‍රතිපුර්ණය කරන ලෙසට පොදු අධිකාරියකට විධාන කළ හැකිය.

Objectives
To carry out internal audit activities in relation to District Secretariat and Divisional Secretariats according to circulars and guidelines issued by the Department of Management Audit and powers vested in the Interna Audit Division as per F.R 133, and to ensure that the responsibilities of the Chief Accounting Officers are fulfilled as set out in section 38 of the National Audit Act No. 19 of 2018.
Functions of the Division :-
- Conducting audit inspections in accordance with the annual internal audit plan prepared for the District Secretariat Galle and the 22 Divisional Secretariats under its purview, and submitting reports to the District Secretary.
- Conducting of District Audit Management Committee.
- Participation in Divisional Audit Management Committee meetings.
- Examining whether the internal inspection and control system implemented within the institution to prevent errors and fraud is effective, both in terms of its design and its actual operation.
- Determining the reliability of accounts and other records, and examining whether the applied accounting practices provide the necessary information to prepare accurate financial statements.
- Evaluating the quality of performance of staff of the office in carrying out their assigned duties.
- Examining the extent to which the assets of the organization are protected against all forms of loss or damage.
- Examining whether the Establishment Code, Financial Regulations, and circulars and other supplementary instructions issued from time to time by the Ministry in charge of the subject of Public Administration and the Treasury are being adhered to.
- Examining the adequacy of the internal control system used to prevent and detect waste, idle capacity, and over-expenditure.
- Examining and reporting on the operational activities of the organization.
- To evaluate the progress of proposals and projects and assess the extent to which their implementation plans and timelines are aligned with the achievement of the intended objectives, as well as to evaluate and review the controls in use.
- Making internal audit reports under above criteria and sbmitting reports to the National Audit Office , Department of Management Audit and Ministry of Home Affairs.
Last Updated Date : 14-08-2026
Telephone : 091 2224453
Fax : : 091 4944819
Email : : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
අවසන් යාවත්කාලීනය : 2026-04-28
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුල දූෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමනාකරණය කිරීම සහ ඊට අදාළව කටයුතු සිදුකිරීම මෙම ඒකකය පිහිටුවීමේ අරමුණ වේ.
ඔබගේ පැමිණිලි යෝජනා සහ ප්‍රතිචාර යොමුකිරීම සඳහා..
ඒ. එම්. ඒ. යූ. ජී. කාරියවසම් මිය
අතිරේක දිස්ත්‍රික් ලේකම්
ටී. බී. නලින්ද උදය කුමාර මයා
සහකාර දිස්ත්‍රික් ලේකම්
දුරකථන අංකය : 091 22 34 236
ෆැක්ස් අංකය : 091 22 22 972
Whatsapp No : 071 80 26 925
ඊමේල් ලිපිනය : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
අප ආයතනයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම්/ පැමිණිලි අභ්‍යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න.
"නොවිසඳුණු පැමිණිල්ලක්ද? අල්ලස් ඉල්ලීමක්ද?"
"වහාම කියන්න"
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව

දුරකතන : 1954 / 0112 596360
ෆැක්ස් : 0112 595045
වෙබ් : www.ciaboc.gov.lk
ඊමේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු
- ආයතනය තුළ දූෂණය වැලැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
- ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිධභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
- ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
- විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළිකරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
- නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.
අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි වගකීම් සහ කාර්යයන්
- ආයතනය තුළ පවතින පද්ධතිමය බාධාවන් (systemic bottlenecks) හඳුනාගැනීම සඳහා වත්මන් ක්‍රියාපටිපාටි සහ චක්‍රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
- දූෂණ අවදානම් ඇගයීම් (Corruption Risk Assesment) සිදු කිරීම මඟින් ආයතනය තුළ දූෂණයට හා සදාචාර විරෝධී හැසිරීම්වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනාගැනීම සහ ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම.
- ආයතනයේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස්කරන ලද නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
- ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ගවලට අනුකූල වීම.
- 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දූෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකූලතා සමාලෝචන (Compliance Assessments) සිදු කිරීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම.
- සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවානියුක්තිකයින් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරණ දූෂන විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීම.
- ආයතනය තුළ දූෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමණාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම, එවැනි සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනම් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් විමසීම් සිදු කරන අදාළ පාර්ශවකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම. අවශ්‍ය පරිදි, දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනය සඳහා අදාළ කරුණු සොයාගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
- ආයතන විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්‍රඥප්තියක් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කිරීම.
- රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත ආචාර ධර්ම සංග්‍රහයක් ඇතුළුව, සදාචාරාත්මක පාලන ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
1. ජී. ජී. ලක්ෂ්මි කාන්ති මෙනවිය - අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන)
2. බී. එල්. ඒ. කුමාර මයා - ප්‍රධාන ගණකාධීකාරී
3. එන්. ජී. අයි. විජයරත්න මහත්මිය - ප්‍රධාන අභ්‍යන්තර විගණක
4. සී. කේ. වීරක්කොඩි මිය - ප්‍රධාන ඉංජිනේරු
5. බී. රසාංග සූරිආරච්චි මයා - අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන (රා. ආ.)
6. එම්. පී. තමරා මිය - දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ
7. එම්. ඩී. ටෙක්ලා කුමාරි මිය - දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ
8. පී. ඩබ්. කේ. මණ්ඩලවත්ත මහතා - සහකාර අධ්‍යක්ෂ
9. කේ. කේ. වී. මාධව තුෂාර මහතා - පරිපාලන නිලධාරී
10. ජේ. එන්. සමරසිංහ මහතා - ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී
11. කේ. පි. ඩී. ප්‍රියදර්ශනී මහත්මිය - ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි
12.බී. ජී. නිමල් මයා - ඵලදායිතා සංවර්ධන නිලධාරී
සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ කිතුල් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන ප්‍රවර්ධනය හා කිතුල් වගා ප්‍රවර්ධන ව්‍යාපෘතිය තවලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඇළ ඉහළ ග්‍රාම නිලධාරී වසම ඉලක්ක කර ගනිමින් පසුගියදා (2021.10.09) ආරම්භ කෙරිණ.





