ගාල්ල නගරය කේන්ද්‍ර කර ගෙන "ගාලු සදහම් සිසිල " විශේෂ වෙසක් කලාපය

ගාලු සදහම් සිසිල " විශේෂ වෙසක් කලාපය ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (2026/05/30) ආරම්භ විය.
ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වන වෙසක් පුන් පොහොය නිමිති කරගෙන,ගාල්ල නගරය කේන්ද්‍ර කර ගනිමින් මැයි 30 සිට ජුනි 01 දක්වා විශේෂ වෙසක් කලාපය පැවැත්වේ.

ගාල්ල නගරය විදුලි ආලෝකයෙන් සැරසීම, පහන් කූඩු සහ වෙසක් කූඩු නිර්මාණය කිරීම ,වෙසක් දන්සැල්, ආදී අංග රැසක් නගර වාසීන්ට දැක බලා ගැනීමට සහ අත්වීදීමට අවස්ථාව හිමිවේ.
 
ගාලු පුර බොදුසවිය,කර්මාන්ත හා වාණිජ මණ්ඩලය ,ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර් යාලය, දකුණු පළාත් ආණ්ඩුකාර කාර් යාලය, ත්‍රිවිධ හමුදාව ,ශ්‍රී ලංකා පොලිසිය ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ගාල්ල මහ නගර සභාව ඇතුළු රාජ්‍ය ආයතන රාජ්‍ය නොවන ආයතන එක්ව වෙසක් කලාපය සංවිධානය කෙරේ. විශේෂයෙන්ම ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාදා මීට එක්ව සිටියේය.
 22214567899912