ගාල්ල දිස්ත්‍රික් ආබාධ සහිතවූවන්ගේ ක්‍රීඩා උළෙල අද 2026.03.17 ගාල්ල දඩල්ල ක්‍රිඩාංගණයේදී ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ. යූ  චන්ද්‍රලාල්    මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි

සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව ක්‍රීඩා උළෙල පැවැත්විණ .

මූලික මිනිස් අයිතිවාසිකම් යටතේ ආබාධ සහිත ප්‍රජාවට සමාන අවස්ථා ලබාදීම, ආබාධ සහිත ප්‍රජාවගේ ක්‍රීඩා කෞශල්‍යයන් නංවාලීම සඳහා මෙන්ම ඉදිරියේදී පැරා ඔලිම්පික් මෙන්ම සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පවත්වනු ලබන ජාතික මට්ටමේ මළල ක්‍රීඩා උළෙල දක්වා ගෙන යෑමට ක්‍රීඩකයන්ගේ දක්ෂතා හඳුනාගැනීම  මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීමේ අරමුණු අතර වේ.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22න් තෝරාගත් දක්ෂ දරුවන් 424ක් මේ සඳහා සහභාගි වූ අතර  තරග ඉසව් 87ක් පැවැත්විණ.

ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් අයේෂා කාරියවසම් මහත්මිය, ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන) ජී. ජී ලක්ෂ්මී කාන්ති මෙනවිය ,  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ ගාල්ල දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරී රේණුකා කළුපහන මහත්මිය ඇතුළු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  ළමා හා කාන්තා සංවර්ධන ඒකකය මගිනි.

 13365789101115