ඉස්ලාම් ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ඉෆ්තාර් උත්සවයක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවයක් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල් මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (09) පස්වරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
අෂ්ෂේක් ලුත්ෆි මවුලවිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉස්ලාම් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් රාමසාන් උපවාසයේ වැදගත්කම පැහැදිලි කරමින් මෙම උත්සවය පැවැත්විණි.
කිරාත් පරායනය නුරානියා දහම් පාසලේ සෆියා මර්යම් දියණිය විසින් සිදු කෙරිණ
විශේෂ යාඥා මෙහෙයෙන් පසු උපවාසය අත්හැරීමේ කටයුතු ආරම්භ වූ අතර ඉන් අනතුරුව විශේෂ භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි.
කසීදා සහ උපවාස අතහැරීමට අදාන් පරායනය ගිංතොට මුහියද්දීන් ජුම්මා පල්ලි අරුසියා මද්රසා සිසූ උමෙයිර් විසින් සිදු කෙරිණ.
නුරානියා දහම් පාසල් සිසු මයාස් අහමඩ් ඉස්ලාමීය ගීතයකින් මෙම අවස්ථාව වර්ණවත් කළේය.
මේ අතර දිස්ත්‍රික් ලේකම්වරයා ඉෆ්තාර් උත්සවය සඳහා එක්ව සිටි ඉස්ලාම් බැතිමතුන් සමග සුහද කතාබහකටද එක් විය.
මෙම අවස්ථාවට ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන) අයේෂා කාරියවසම් මහත්මිය,අතිරේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම් හා සංවර්ධන ජී.ජී ලක්ෂ්මි කාන්ති මෙනවිය ඇතුළු ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සියලු අංශ නියෝජනය කරන නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ














