සමෘද්ධි කැකුළු ළමා සමාජ පුස්තකාල වලට පොත් දෙන්න සමෘද්ධි අකුරු පිංකම ගාල්ලේදී සාර්ථකව ඇරඹේ.
ගාල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී දරුවන් නියෝජනය කරන සමෘද්ධි කැකුළු ළමා සමාජයන්ට සමගාමීව ක්‍රියාත්මක කරන සමෘද්ධි පුස්තකාල සඳහා පොත් එක් රැස් කිරීමේ වැඩසටහනක් ''පොත් දහසක් නෙත් සහසක් සමෘද්ධි අකුරු පිංකම'' නමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා දිස්ත්‍රික් සමෘද්ධි අංශය එක්ව සංවිධානය කරන ලදී.
දරුවන් ඩිජිටල් තිර මතට ඇබ්බැහි වීම හා කියවීමෙන් ඈත් වීම යම් තරමකින් හෝ අවසන් කර දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීම හා ඔවුන් වෙත පොත් කියවීම සඳහා අවස්ථාවක් සලසා දීම මෙම වැඩසටහනේ අරමුණ විය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගේ මඟ පෙන්වීමෙන් ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ එච්.යූ.කාංචනා චතුරාණි මහත්මියගේ මෙහෙයවිමෙන් දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ සමාජ සංවර්ධන හා පරිසර අංශය මෙම වැඩසටහන ක්‍රියාවට නැංවූ අතර පරිත්‍යාගශීලීන් විසින් කියවා අවසන් කරන ලද පොත් හා ඔවුන්ගේ කැමැත්ත අනුව නව පොත් පත් සමෘද්ධි කැකුළු ළමා සමාජ පුස්තකාල දරුවන් වෙත ඒකරාශී කර ගැනීම සිදු විය. එහි මූලික අදියර ලෙස ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ පිහිටා ඇති ආයතන වල රාජකාරී කරන නිලධාරීන්ගෙන් පරිත්‍යාග ලබාගැනීම සිදු වූ අතර දිස්ත්‍රික් ලේකම්තුමා ද පොත් පරිත්‍යාග කරමින් මෙම වැඩසටහන හා එක්විය. දිනය අවසන් වන විට පොත් 2,000කට අධික ප්‍රමාණයක් සමෘද්ධි කැකුළු ළමා සමාජ පුස්තකාල වෙත ලබා දීමට ඒකරාශී වී තිබූ අතර ඉදිරියේ දී පොත් දිස්ත්‍රික්කයේ සමෘද්ධි කැකුළු ළමා සමාජ පුස්තකාලයන්හි පොත් අවශ්‍යතා අනුව බෙදා හැරීමට නියමිතය.
මේ සඳහා ඔබට ද දායක විය හැකි අතර 091 2222974 අංකය අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.










