"ගාලු සෙනෙහස සහන පවුර" මහනුවර දිස්ත්‍රික්කය ප්‍රමුඛව දිස්ත්‍රික්ක 10 කට පරිත්‍යාග රැගෙන ගිය අවස්ථාව

අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට බෙදාහැරීම වෙනුවෙන් "ගාලු සෙනෙහස සහන පවුර" මගින් විවිධ දිස්ත්‍රික්ක සඳහා පිටත් කළ පරිත්‍යාග එම ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත ලබා දීම පසුගිය දින කිහිපය තුළ සිදු කෙරිණ.
මෙහි ආරම්භය පසුගිය දෙසැම්බර් මස 01වනදා මහනුවර දිස්ත්‍රික්කය බලා සහනාධාර ලබා දීමෙන් ආරම්භ විය.
එහිදී ගාලු සෙනෙහස සහන පවුර" මඟින් එකතු කළ භාණ්ඩ ලොරි රථ 62ක් අද(10)උදෑසන වන විට ආපදාවට පීඩාවට පත් ජනතාවට බෙදා දීම සඳහා ප්‍රදේශ 07ක් සඳහා පිටත් කර ඇත.
මෙම සියලු භාණ්ඩ වඩාත් වගකීම් සහගතව විනිවිද බවින් යුක්තව ගාල්ල දිස්‍ත්‍රික් ලේකම් ඩබ්ලිව් .ඒ ධර්මසිරි මහතාගේ ඍජු අධීක්ෂණයක් යටතේ බෙදාහැරිණ.
මේ වන විට ලොරි රථ 36ක් සම්පූර්ණයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අවශ්‍යතා අනුව පිටත් කර ඇත. නුවරඑළිය දිස්ත්‍රික්කයට ලොරි රථ 07ක් ,ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ලොරි රථ 06ක් ,පුත්තලමට ලොරි 05ක් ,පොළොන්නරුවට ලොරි 03ක් ,බදුල්ලට ලොරි 01ක්, අනුරාධපුරය, ලොරි 01ක් සහ ත්‍රිකුණාමලය ලොරි රථයක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයට ලොරි රථයක් මේ වන විට පිටත් කර යවා තිබේ.
ගාල්ල දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල එක්ව මහජනතාවගේ පරිත්‍යාග සහිතව භාර ගත් වියළි ආහාර ද්‍රව්‍ය ,සනීපාරක්ෂක ද්‍රව්‍ය, පාසල් උපකරණ, ඖෂධ , පානීය බෝතල්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය, විපතට පත් දිස්ත්‍රික්ක 10ක ජනතාව සඳහා පිටත් කර තිබේ.
එමෙන්ම පෞද්ගලික ආයතන ,විවිධ සංවිධාන ,පෞද්ගලික පරිත්‍යාග රැසක් සහ ප්‍රවාහන පහසුකම් සපයාදීමට විවිධ ආයතන ස්වේච්ඡා සහයෝගය , ගාල්ල දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලයට ලැබිණ.
ගාල්ල දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලය ,සියලු ප්‍රාදේශිය ලේකම් කාර්යාල ,යුධ හමුදා ශ්‍රම දායකත්වය යටතේ මෙම ක්‍රියාන්විතය සිදු කිරීම විශේෂත්වයකි .

  25

   6910121620222627313238394028