ආපදාවෙන් විපතට පත් ජනතාවට සෙත්පතා සහ මියගිය සැමට පිං පැමිණවීම සඳහා ගාල්ලේ පුණ්‍ය කර්මයක්
ආපදාවෙන් විපතට පත් ජනතාවට සෙත්පතා සහ මියගිය සැමට පිං පැමිණවීම සඳහා බෝධි පූජා වැඩසටහනක් 12-01 පස්වරුවේ ගාල්ල නගර සභා බුදු මැදුර අසලදී ගාල්ල දිස්ත්රික් ලේකම් ඩබ්ලිව් .ඒ ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණ.
මෙම අවස්ථාවට ගාල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කණුමුල්දෙණියේ චන්දවිමල නාහිමි සහ ගාල්ල ශාසනාරක්ෂක බල මණ්ඩල ගරු ලේ ලේඛකාධිකාරි හප්පාවන රේවත නාහිමි ඇතුළු පූජනීය මහා සංඝ රත්නය සහභාගී වූහ .
මහා සංඝ රත්නය ආශිර්වාද පූජා පවත්වා පිරිත් සජ්ඣායනය කරමින් ආපදාවට පත් පිරිසට පින් පැමිණවීම සහ ආශිර්වාදය එක් කළහ.
මෙහිදී අදහස් දක්වමින් ගාල්ල දිස්ත්රික් ලේකම් ඩබ්ලිව් .ඒ ධර්මසිරි මහතා පැවසුවේ හදිසියේ රැස්වුණු ගාල්ල දිස්‍ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩල යෝජනාවක් ලෙස මෙම පුණ්‍යකර්මය සිදුකරන බවයි.
මහනුවර ජනතාව සඳහා ආධාර ලබාදීම ආර්ම්භ කළ බවත්.පරිත්‍යාගශීලි සැමට ස්තුතිවන්ත වන බවත් දිස්‍ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය .
එමෙන්ම එලඹෙන පොහෝ දින ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පන්සල් කේන්ද්‍ර කර ගනිමින් පුණ්‍යානුමෝදනා සහ ආශිර්වාද පූජා පැවැත්වීමට ද කටයුතු සැලසුම් කර ඇත.
අයහපත් කාළගුණ තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ආධාර එකතු කිරීමේ යාන්ත්‍රණයක් ද විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරේ.
මෙම අවස්ථාවට ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්(පාලන ) අයේෂා කාරියවසම් මහත්මිය ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන)ජී.ජී ලක්ෂ්මි කාන්ති මෙනවිය,ප්‍රධාන ගණකාධිකාරී ධම්මිකා සුභාෂිණි මහත්මිය ,ගාල්ල තරුණ බෞද්ධ සංගමයේ ගරු සභාපති තිරාණගම මහතා, දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් ,කාර්යාලයීය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ .
ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලය මගින් වැඩසටහන සංවිධානය කෙරිණ .















