"ගාලු සෙනෙහස සහන පවුර" මගින් සිදු කල සේවයට මහනුවර ජනතාවගේ ප්‍රණාමය

ගාල්ල දිස්‍ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ගාලු සෙනෙහස සහන පවුරෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉටු කළ මහඟු මෙහෙවරට සමරු තිළිණයක් මහනුවර දිස්‍ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා විසින් ගාල්ල දිස්‍ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ ධර්මසිරි මහතා වෙත පිරිනැමිණ .
එම සමරු තිළිණය ගාල්ල දිස්‍ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් , ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිලධාරීන් සහ සමස්ත ජතතාව වෙත පිරිනමමින් ගාල්ල දිස්‍ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතා පැවසුවේ මෙම සමරු තිළිණය ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාව වෙනුවෙන් කන්ද උඩරටින් පිරිනැමිණු බවයි.
මෙහිදී අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලබා දුන් සියලු උපකාරයන් මහෝපකාරී වූ බව මහනුවර දිස්‍ත්‍රික් ලේකම්වරයා පැවසූ බවත් මෙම සමරු තිළිණය සමස්ත ගාලු දිස්‍ත්‍රික් ජනතාවට පිරිනමන බවත්ය. මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමස්ත කාර්‍ය් මණ්ඩලය හා යුධ හමුදා සාමාජිකයන් එක්විණ .

11

  

 245678