හදිසි ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත්වන ජනතාව මුදවා ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන් සවිබල ගැන්වීමේ පුහුණු වැඩසටහනක් පසුගිය දා (27)ගාල්ල පැරණි වරාය ජැටිය ආශ්‍රිතව පැවැත්විණ
ගංවතුර ආපදාවන්ට නිරන්තරයෙන්ම මුහුණ දෙන දිස්ත්‍රික්කයක් වශයෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විවිධ අංශ නියෝජනය කරන රාජ්‍ය නිලධාරීන් 50ක් පමණ මෙම ප්‍රායෝගික පුහුණුව සඳහා එක් විය .
මෙම වැඩසටහනේ අරමුණු වශයෙන් හදිසි ආපදාවන්හිදී ජීවිත ආරක්ෂා කර ගැනීම,මහජන ජීවිත මුදවා ගැනීම සහ ආපදා ප්‍රථමාධාර ක්‍රමවේදය පිළිබඳ අවශ්‍ය දැනුම ලබා දීම ප්රමුඛ වේ.
එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට මුදවා ගැනීමේ බෝට්ටු පැදවීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුව ,දිය අනතුරට පත්වූවෙකු බේරා ගැනීමේ උපකරණ (throwing bag) භාවිතා කරමින් බේරා ගැනීම ,ප්‍රථමාධාර කූඩාරම් ස්ථාපිත කිරීම ආදී ක්‍රමවේදයන් පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනු ලැබිණ .
මෙහි පුහුණුකරුවන් සහ දේශකයන් ලෙස ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමයේ කේ.එස්.එස් සොමිකැළුම් මහතා ප්රමුඛ පුහුණුකරුවන් සහභාගි වූහ .
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල් මහතා අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන)අයේෂා කාරියවසම් මහත්මිය ,අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන )ජී.ජී.ලක්ෂ්මි කාන්ති මෙනවිය ,සහකාර දිස්ත්‍රික් ලේකම් ටී.බී නලින්ද උදය කුමාර මහතා ඇතුළු පිරිසක් මෙහි සමාරම්භක අවස්ථාව සඳහා සහභාගි වූහ .
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා මධ්‍යස්ථානය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධීකරණයෙන් වැඩසටහන පැවැත්විණ

















