ඉංජිනේරු අංශය
ඉංජිනේරු අංශය වෙත පැවරී ඇති කාර්යයන් කෙටියෙන් පහත පරිදි වේ.
|
දිස්ත්රික් ලේකම් කාර්යාල ගොඩනැඟිල්ලෙහි නඩත්තු හා සේවා කටයුතු. |
|
|
දිස්ත්රික් ලේකම් කාර්යාල ගොඩනැඟිල්ලට අයත් විදුලි සෝපාන යන්ත්ර, විදුලි ජනක යන්ත්රය, ගිණි ආරක්ෂණ පද්ධතිය, CCTV පද්ධතිය, ශබ්ද විකාශන පද්ධතිය හා දිස්ත්රික් ලේකම් කාර්යාල ගොඩනැඟිල්ලේ අංශ තුල ඇති වායු සමන යන්ත්ර සම්බන්ධ සියලු කටයුතු. |
|
|
දෙපාර්තමේන්තු ප්රසම්පාදන සීමාව ඉක්ම වූ දිස්ත්රික් ලේකම් වෙත පවරනු ලබන ව්යාපෘතීන්හි ඉදිකිරීම් පරීක්ෂා කිරීම, ක්රියාවලිය අධීක්ෂණය කිරීම හා උපදේශන ආයතනයේ නිර්දේශය මත ගෙවීම් වවුචර් සකස් කිරීම. |
|
|
දෙපාර්තමේන්තු සීමාව තුල පවතින ඉදිකිරීම් ව්යාපෘති සම්බන්ධ සියලු කටයුතු සිදු කිරීම. |
|
|
වෙනත් අමාත්යාංශ හා දෙපාර්තමේන්තු මඟින් ලබා දෙන ප්රතිපාදන වලින් ඉංජිනේරු අංශය මඟින් ක්රියාත්මක කරනු ලබන ව්යාපෘති සම්බන්ධ සියලු කටයුතු සිදු කිරීම. |
|
|
වෙනත් අමාත්යාංශ හා දෙපාර්තමේන්තු මඟින් ලබා දෙන ප්රතිපාදන වලින් ක්රම සම්පාදන අංශය හරහා කරනු ලබන ව්යාපෘති සම්බන්ධ තාක්ෂණික උපදෙස් ලබා දීම, අධීක්ෂණය කිරීම හා බිල්පත් නිර්දේශ කිරීමේ කටයුතු. |
|
|
සමෘද්ධි දෙපාර්තමේන්තු ප්රතිපාදන මඟින් ඉටු කරනු ලබන ව්යාපෘති සඳහා සැලසුම් සකස් කිරීම, ව්යාපෘති ඇස්තමේන්තු පරීක්ෂා කර නිර්දේශ කිරීම, ප්රසම්පාදන ලියවිලි සකස් කිරීම, ව්යාපෘති අධීක්ෂණය කිරීම හා බිල්පත් නිර්දේශ කිරීමේ කටයුතු. |
|
|
ප්රසම්පාදන අංශය වෙත තාක්ෂණික නිර්දේශ ලබා දීම. |
|
|
ප්රාදේශීය ලේකම් කාර්යාල 22 යටතේ සිදු කරනු ලබන සංවර්ධන ව්යාපෘති සඳහා, |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
දිස්ත්රික් ලේකම් කාර්යාලයේ නිල නිවාස හා පොදු නිවාස භාරදීම, භාර ගැනීම හා නඩත්තු කටයුතු. |
|
|
හෝල් ඩි ගෝල් ශාලාවේ හා සංචාරක බංගලාවේ නඩත්තු කටයුතු. |
|
|
261-1-1-0-2001 සහ 261-1-1-0-2104 වැය ශීර්ෂ යටතේ වෙන් කරන ලද ප්රතිපාදන වලට අදාලව ප්රාදේශීය ලේකම් කාර්යාල වල ඇති ව්යාපෘති අතුරින් ප්රමුඛතා විය යුතු ව්යාපෘති සඳහා අවශ්ය ප්රතිපාදන ලබා දීම. |
|
|
නව ඉදිකිරීම් හා අලුත්වැඩියාවන්හි ප්රගති වාර්තා මසකට වරක් ගෙන්වා ගෙන සකස් කොට අමාත්යාංශය වෙත අදාල ආකෘති මඟින් ඉදිරිපත් කිරීම හා කාර්තුමය ප්රගති වාර්තාවන් දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සැලසුම් අංශය හා අභ්යන්තර විගණන අංශය වෙත යොමු කිරීම. |
|
|
වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ප්රසම්පාදන සැලැස්ම ගිණුම් අංශය වෙත ලබා දීම. |
|
|
දිස්ත්රික් මිල කමිටුව පැවැත්වීම හා කමිටු වාර්තාව දිස්ත්රික් ලේකම් කාර්යාල නිල වෙබ් අඩවියෙහි උඩුගත කිරීම. |
|
|
දිස්ත්රික් ලේකම් කාර්යාල හා ප්රාදේශීය ලේකම් කාර්යාල මඟින් සිදු කරන සංවර්ධන ව්යාපෘති සම්බන්ධව පැමිණෙන විගණන විමසුම් සඳහා වාර්තා ලබා දීම. |
අවසන් යාවත්කාලීනය : 2025-12-29
දුරකථන : 0914 944 806
ෆැක්ස් : 0912 226 797
විද්යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සී. කේ. වීරක්කොඩි මිය
ප්රධාන ඉංජිනේරු
0719 818 154





