78 වන ජාතික නිදහස් දින සැමරුමක් ගාල්ලෙදී උත්කර්ෂත්ව

78 වන ජාතික නිදහස් දිනය සැමරීමේ ගාල්ල දිස්‍ත්‍රික් ප්‍රධාන උත්සවය ගාල්ල හෝල්ඩිගෝල් ශාලාවේදී අද (04) දින පෙරවරුවේ දී පැවැත්විණි.
වැඩසටහන සඳහා ගරු නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ප්‍රධාන ආරාධිතයන් වශයෙන් සම්බන්ධ වූ අතර අරාධිත දේශන‍ය ආචාර්ය දේව මයිකල් ද සිල්වා මහතා විසින් සිදු කෙරිණ.
මෙයට සමගාමීව පෙරවරු 7.00 සිට සර්වාගමික වතාවත් පැවැත්වීම එකම වෙලාවකදී ගාල්ල විජයානන්ද පිරිවෙන් විහාරස්ථානය, කළුවැල්ල ශාන්ත මරියා ආසන දෙව් මැදුර ,කළුවැල්ල ශ්‍රී මීනාච්චි සුන්දරේෂ්වර කෝවිල සහ ගාල්ල කොටුව මිරාන් පල්ලිය කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරිණ.
ජාතික කොඩිය එසවීමෙන් අනතුරුව සැමරුම් උත්සවය ආරම්භ කෙරිනි. දකුනු පළාත් කොඩිය, දිස්ත්‍රික් කොඩිය ඔසවා පාසල් සිසු සිසුවියන් ජාතික ගීය සිංහල සහ දමිළ බසින් ගායනා කිරීම සිදු කෙරිනි.
මෙම සැමරුම් වැඩසටහනේ දී පාසල් දරු දැරියන්, කලායතන හා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරු දැරියන් පිරිසක් ජාතිකාභිමානී ගීත සඳහා නර්තනයන් මෙන්ම සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කළ අතර, දකුණු පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායමද බෙර වාදනයක් ද සමඟින් සංස්කෘතිකාංග ඉදිරිපත් කෙරිණි.
දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්‍යාලය , ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රමුඛ ආයතන රැසක් එක්ව නිදහස් උලෙළ සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටි.කේ. ජයසුන්දර, නිශාන්ත පෙරේරා, තිලංක යූ ගමගේ, නිශාන්ත සමරවීර යන මහත්වරුන් මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී හසාරා ලියනගේ මහත්මියද එක්ව සිටියහ. එමෙන්ම ගාල්ල මහනගර සභාවේ නගාරාධිපති සුනිල් ගමගේ මහතා ඇතුලු පලාත් පාලන නියෝජිතයන් රැස්ක්ද එක්ව සිටියහ .
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ චන්ද්‍රලාල් මහතා ,දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම් මහතා , දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් , දකුණු පලාත් සභාවේ අමාත්‍යංශ ලේකම්වරුන් , ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන ඒ.එම්.ඒ.යූ.ජී.කාරියවසම් මහත්මිය හා ජී.ජී.ලක්ෂ්මි කාන්ති මෙනවිය ද , ත්‍රිවිධ හමුදා පළාත් ප්‍රධානීන්, නියෝජ්‍ය පොලිස්පතිතුමා, පොලිස් අධිකාරිතුමා ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන්, දරු දැරියන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
123568101112131415171819202223