අවසන් යාවත්කාලීනය : 2026-04-28

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුල දූෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමනාකරණය කිරීම සහ ඊට අදාළව කටයුතු සිදුකිරීම මෙම ඒකකය පිහිටුවීමේ අරමුණ වේ.

ඔබගේ පැමිණිලි යෝජනා සහ ප්‍රතිචාර යොමුකිරීම සඳහා..

ඒකක ප්‍රධානී
Add Dist Secretary land.jpg

 

ඒ. එම්. ඒ. යූ. ජී. කාරියවසම් මිය

අතිරේක දිස්ත්‍රික් ලේකම්

සුපිළිපන්න නිලධාරී
Assistant Dist Sec.jpg

 

ටී. බී. නලින්ද උදය කුමාර මයා

සහකාර දිස්ත්‍රික් ලේකම්

අප අමතන්න

දුරකථන අංකය      : 091 22 34 236

ෆැක්ස් අංකය         : 091 22 22 972

Whatsapp No    : 071 80 26 925

ඊමේල් ලිපිනය       : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

ජනාධිපති ලේකම් විසින් නිකුත් කරන ලද අංක PS/SB/Circular/2/2025 හා 2025 පෙබරවාරි 18 දිනැති චක්‍රලේඛය අනුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවන ලදී.

අප ආයතනයේ සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම්/ පැමිණිලි අභ්‍යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න.

අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු

  1. ආයතනය තුළ දූෂණය වැලැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
  2. ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිධභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
  3. ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
  4. විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළිකරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රමවේදයක් සකස් කිරීම.
  5. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.

අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි වගකීම් සහ කාර්යයන්

  1. ආයතනය තුළ පවතින පද්ධතිමය බාධාවන් (systemic bottlenecks) හඳුනාගැනීම සඳහා වත්මන් ක්‍රියාපටිපාටි සහ චක්‍රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්‍යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
  2. දූෂණ අවදානම් ඇගයීම් (Corruption Risk Assesment) සිදු කිරීම මඟින් ආයතනය තුළ දූෂණයට හා සදාචාර විරෝධී හැසිරීම්වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනාගැනීම සහ ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම.
  3. ආයතනයේ අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සකස්කරන ලද නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
  4. ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ගවලට අනුකූල වීම.
  5. 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දූෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකූලතා සමාලෝචන (Compliance Assessments) සිදු කිරීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම.
  6. සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවානියුක්තිකයින් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතාවලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරණ දූෂන විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීම.
  7. ආයතනය තුළ දූෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සහ කළමණාකරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම, එවැනි සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනම් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් විමසීම් සිදු කරන අදාළ පාර්ශවකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම. අවශ්‍ය පරිදි, දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනය සඳහා අදාළ කරුණු සොයාගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
  8. ආයතන විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්‍රඥප්තියක් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කිරීම.
  9. රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත ආචාර ධර්ම සංග්‍රහයක් ඇතුළුව, සදාචාරාත්මක පාලන ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
  කමිටු සාමාජිකයන්

1. ජී. ජී. ලක්ෂ්මි කාන්ති මෙනවිය - අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් හා සංවර්ධන)

2. බී. එල්. ඒ. කුමාර මයා - ප්‍රධාන ගණකාධීකාරී

3. එන්. ජී. අයි. විජයරත්න මහත්මිය - ප්‍රධාන අභ්‍යන්තර විගණක

4. සී. කේ. වීරක්කොඩි මිය - ප්‍රධාන ඉංජිනේරු

5. බී. රසාංග සූරිආරච්චි මයා - අධ්‍යක්ෂ ක්‍රම සම්පාදන (රා. ආ.)

6. එම්. පී. තමරා මිය - දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ

7. එම්. ඩී. ටෙක්ලා කුමාරි මිය - දිස්ත්‍රික් සංඛ්‍යාලේඛනඥ

8. පී. ඩබ්. කේ. මණ්ඩලවත්ත මහතා - සහකාර අධ්‍යක්ෂ

9. කේ. කේ. වී. මාධව තුෂාර මහතා - පරිපාලන නිලධාරී

10. ජේ. එන්. සමරසිංහ මහතා - ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී

11. කේ. පි. ඩී. ප්‍රියදර්ශනී මහත්මිය - ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි

12.බී. ජී. නිමල් මයා - ඵලදායිතා සංවර්ධන නිලධාරී