මේ 2023 වසරේ සංවර්ධන ඉලක්ක පිළිබඳ ගාල්ල දිස්ත්රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා සහ දිස්ත්රික්කයේ සියලුම ප්රාදේශිය ලේකම් වරුන් සමඟ කාර්ය සාධන ගිවිසුම් අත්සන් කළ අවස්ථාවයි.
ගාලු දිසා ප්රවර්ධා සම්මාන සහ සහතිකපත් ප්රදානය කිරීමේ උලෙළට සමගාමීව මෙම ගිවිසුම අත්සන් කිරීම සිදු විය . වැඩසටහන ගාල්ල හෝල් දි ගෝල් ශාලාවේදී පසුගිය දින(2023.02.04) පස්වරුවේදී පැවැත්විණි .ගරු අමාත්ය රමේශ් පතිරණ මහතා ,දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර වීලී ගමගේ මහතා ,ගරු පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්රී සම්පත් අතුකෝරළ මහතා ඇතුලු පිරිසක් මීට එක්ව සිටියහ .
ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා සහ අග්රාමාත්ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන මහතා ද මෙම කාර්ය සාධන ගිවිසුම් අත්සන් කරන මොහොතට එක් වූ අතර ,ගාල්ල දිස්ත්රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ මූලිකත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය කෙරිණි . දකුණු පළාත් ප්රාධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා ඇතුලු පළාත් අමාත්යාංශ ලේකම්වරුන් ,ගාලු දිසා ප්රවර්ධා සම්මානයට පාත්රවූ සියලුම ක්ෂේත්ර නිලධාරින් මෙන්ම රාජ්ය නොවන සංවිධාන හා පෞද්ගලික ආයතන ඇතුලු බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .
දිස්ත්රික් ලේකම් කාර්යාලයක් වෙතින් මෙවැනි වැඩසටහනක් සංවිධාන කෙරුණු පළමු අවස්ථාව මෙයයි.







