"සතුටු රටක් Clean sri lanka ගමින් ගමට" ජංගම සේවා සහ විශේෂ ජන සත්කාරක වැඩසටහන - ගාල්ල නාගොඩ දී

"සතුටු රටක් Clean sri lanka ගමින් ගමට" ජංගම සේවා සහ විශේෂ ජන සත්කාරක ගාල්ල දිස්‍ත්‍රික් වැඩසටහන 2025-12-13 දින ගාල්ල නාගොඩ දී පැවැත්විය.
ගරු වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නියාගම, වඳුරඹ, යක්කලමුල්ල හා වැලිවිටිය දිවිතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහේ ජනතාවගේ නොවිසඳුණු ගැටලු විසඳීමට සහ සේවා සැපයීමට මේ වැඩසටහන අද දිනය පුරා ක්‍රියාත්මකය.
පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය සාක්ෂාත් කරගැනීම සඳහා මහ ජනතාවට අත්‍යවශ්‍ය ජංගම සේවා සහ විශේෂ ජන සත්කාරක වැඩසටහන නාගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,නාගොඩ ප්‍රාථමික විද්‍යාලය,නාගොඩ රාජකීය ජාතික පාසල සහ නාගොඩ ප්‍රාදේශිය සභා පරිශ්‍රය කේන්ද්‍ර කර ගෙන පැවැත්වේ.
මෙහි සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමින් ගරු නියොජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසුවේ දිවයිනේ සියලූ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පවත්වන මෙම ජංගම සේවාවන්හි ප්‍රමුඛ අපේක්ෂාව වන්නේ ජනතාවගේ නොවිසඳුණු ගැටලු විසඳීම බවත්, රජයේ ප්‍රධාන කුළුණු තුන වශයෙන් දුගී බව තුරන් කිරීම,digital ආර්ථිකය, සහ clean sri lanka වැඩසටහන තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක බවත්ය.
මෙහිදී පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කරමින් දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් .ඒ ධර්මසිරි මහතා පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ එක්ව ක්‍රියාත්මක clean sri lanka වැඩසටහන තුළ මහජනතාවට සැපයෙන් සේවාවන් රැසක් අන්තර්ගත බැවින් ජනතාව උපරිමයෙන් එම සේවා ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි.
සමාරම්භක උත්සවයෙ දී ඉඩම් හිමිකම් පත් ප්‍රදානය, පාසල් සඳහා පොත් පරිත්‍යාග කිරීම, A ශ්‍රේණියේ ආහාර පරිහරණ පරිශ්‍ර සඳහා සහතික පත් ලබාදීම ද සිදුකෙරිණ .
ජංගම සේවයට සමගාමීව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාත්මක කරන ලද කසළ කළමණාකරන වැඩසටහන් ප්‍රගතිය ද මෙහිදී ඉදිරිපත් කෙරිණ.
මෙම ජංගම සේවා වැඩසටහන සදහා විවිධ විෂයන්ට අයත් නිලධාරීන්
300ක් පමණ සහභාගී වන අතර සේවා පහසුකම් සපයන සේවා මධ්‍යස්ථාන 50 කට ආසන්න ප්‍රමණයක් ක්‍රියාත්මක කෙරේ.
ජංගම සේවාව මගින් රාජ්‍ය ආයතන‍ මට්ටමින් අපේක්ෂිත ජනතාවට සපයන සේවාවන් රාශියකි .
සෞඛ්‍ය සායන සහ සෞඛ්‍ය සේවා ද මෙම පරිශ්‍රයේදී ක්‍රියාත්මකය .
මේ යටතේ දන්ත සායන,අක්ෂි සායන, සුවනාරි සායන මාතෘ හා ළමා සෞඛ්‍ය සායන,බෝ නොවන රෝග, වසංගත රෝග සායන ප්‍රජාව වෙනුවෙන් සිදුකෙරිණ .සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීම
ආහාර තාක්ෂණය ,එකතු කළ අගය සහිත නිෂ්පාදන ද මෙහිදී සිදු කෙරේ.
ජංගම සේවා වැඩසටහනට සමගාමීව එම පරිශ්‍රයේදී
අදාල කොට්ඨාස තුළ නිෂ්පාදන අලෙවියට අලෙවි පොළ සඳහා අවස්ථාව ලබාදීම, රැකියා පොළ ,වෘත්තිය මාර්ගෝපදේශන වැඩසටහන සහ පාරිසරික සංරක්ෂණය පිළිබඳ චිත්‍ර තරඟය ,කසළ කළමණාකරනය දැනුවත් කිරීම,මූල්‍ය සාක්ෂරතා ,පාරිසරික සංරක්ෂණය ,
මාර්ග ආරක්ෂාව ,මත්ද්‍රව්‍ය නිවාරණ සහ ,ආපදා කළමණාකරනය පිළිබඳ දැනුවත් කිරීමක් ද සිදු කෙරේ.
එමෙන්ම මෙම වැඩසටහනට සමගාමීව සතිය පුරා කොට්ඨාස 05 තුළ මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහන්, කසළ කළමනාකරණ වැඩසටහන්, තෝරා ගත් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් සංවර්ධනය කිරීම හා අවදානම් පවුල් ඉලක්ක කරගත් සුදුසු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමද විශේෂත්වයකි .
Clean sri lanka ලේකම් කාර්යාලය, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දකුණු පළාත් සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මධ්‍යම රජයේ ආයතන , පළාත් පාලන ආයතන, පාසල්, බැංකු හා මූල්‍ය ආයතන , ශ්‍රී ලංකා පොලීසිය හා ආරක්ෂක අංශ, වෙනත් සේවා සපයන ආයතනය, පුද්ගලික ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන මෙම වැඩසටහනේ පාර්ශවකරුවන් වේ.
ප්‍රජාවගේ මූලික අවශ්‍යතා රැසකට ඒ මොහොතේම කඩිනමින් විසඳුම් ලබාදීම මෙම වැඩසටහන පැවැත්වීමේ අපේක්ෂාව විය.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටී.කේ ජයසුන්දර ,තිලංක යූ ගමගේ ඇතුළු මහජන නියෝජිතයන් ,ගාල්ල නගරාධිපති සුනිල් ගමගේ මහතා ,ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස් සී.එච් රත්නමාලා මහත්මිය,දකුණු පළාත් ප්‍රධාන ලේකම් සුමිත් අලහකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් , clean sri lanka දිස්‍ත්‍රික් සම්බන්ධීකරණ සංජය ධනුෂ්ක මහතා, මහජනතාව පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

  1  346710891418192122242527