සෞභාග්යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ කිතුල් ආශ්රිත අගය එකතු කළ නිෂ්පාදන ප්රවර්ධනය හා කිතුල් වගා ප්රවර්ධන ව්යාපෘතිය තවලම ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ ඇළ ඉහළ ග්රාම නිලධාරී වසම ඉලක්ක කර ගනිමින් පසුගියදා (2021.10.09) ආරම්භ කෙරිණ.
රුපියල් ලක්ෂ 5 කට ආසන්න මුදලක් වැය කරමින් ප්රතිලාභීන් 21 දෙනෙකු ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්රියාත්මක කෙරේ . තරගකාරී වෙළෙඳපොළට ගැළපෙන කිතුල් ආශ්රිත නිෂ්පාදන ප්රවර්ධනය මෙහි ප්රධාන අරමුණයි .ඒ අනුව ප්රමිතිගත කිතුල් ආශ්රිත නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ නිර්මාණය කිරීම මෙහි ඉලක්කයයි . මෙම සියලු ප්රතිලාභීන් සඳහා සති දෙකක පුහුණුවක් ලබා දෙන අතර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ විදාතා සම්පත් මධ්යස්ථානය ඒ සඳහා සිය සම්පත් දායකත්වය දක්වයි . මේ අවස්ථාව සදහා පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් ,ගාල්ල දිස්ත්රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා , අතිරේක දිස්ත්රික් ලේකම් ලලින්ද ගමගේ මහතා ,තවලම ප්රාදේශීය ලේකම් ධම්මික වීරකෝන් මහතා ,දිස්ත්රික් සැලසුම් අධ්යක්ෂ සමන් ජයසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.







